
(නිමල් ජයරත්න)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 11 වසරේ පාසල් සිසුවකුට බලහත්කාරයෙන් ගංජා පෙවීමට උත්සාහ දැරූ පුද්ගලයකු දිඹුලාගල පැළෑටියාව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි,
අදාල පාසල් සිසුවා ප්‍රධාන මාර්ග රැඳී සිටියදි සැකකරු බලහත්කාරයෙන් ගංජා පෙවීම්ට උත්සාහ දරා ඇති බව එම සිසුවාගේ මාපියන් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය,
සිසුවාට ගංජා පෙවීමට උත්සාහ දැරූ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගංජා අලෙවිකරු සහ ප්‍රවාහනය කෙරු සැකකරුද අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දිඹුලාගල පැළෑලෑටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31, 32, 38, යන වයසේ පසුවන අය බවද පොලිසිය සඳහන් කරයි,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd