
(රන්ජන් කස්තුරි)
පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී.
අධික වර්ෂාව සමග ගංගා උතුරා යාම හේතුවෙන් පහත් බිම් යටවී ඇති අතර ගමනා ගමන කටයුතු අඩාල වීම නිසා මෙම තීරණය ගත්බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට ලංකාවත් බංග්ලාදේශ වගේ පොඩි වැස්සත් ගං වතුර එක්ක වසංගත රෝග. වනාන්තර මොකටද ඔක්සිජන් කන්නද කියපු හදායාගේ ප්‍රතිවිපාක තමයි මේ. එදා කඩෝලාන කොරොල්පර තිබ්බේ නැත්තං සුනාමියට ලක්ෂ 10-20ක් මැරෙනවා. දැන් වගුරු බිම්, වනාන්තර, කඩොලාන, කුඹුරු ගොඩ කරපු හින්දා තමයි මේ. අපේ සීයා පොඩිකාලේ කොළඹ ඉදන් කොට්ටේ තනිකරම වගුරු බිම් ඒ කොට්ටේ පැත්තේ වැව් එහෙමත් තිබ්බා ලු දැන් ඔක්කොම ගොඩ කරලා. ලෝකයෙම ගෝලීය උණුසුම, වනාන්තර විනාශය, අධික පොසිල ඉන්ධන දහනය, සමහර විට අපේ ළමයින්ට අනාගතයක් නැති වෙන්න පුළුවන් ලෝක විනාශයත් අත ළඟ