
( රොමේෂ් මධූෂංඛ)
යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී වෑන් රථයකින් නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී අද (04) පොලිස් නිලධාරියෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පුංකුඩතිව් සිට මණ්ඩතිව් දක්වා නීතිවිරෝධීව ගවයින් මස්පිණිස රැගෙන යන බවට පලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් පුංකුඩතිව් මාර්ගයේ අද අලුයම් කාලයේදී සෝදිසියක නිරත විය.
එහිදී පාසල් සේවය යනුවෙන් ප්‍රදර්ශනය වූ වෑන් රථයක් අධික වේගයකින් ධාවනය වීම හේතුවෙන් එය නවතා සිදුකරන ලද පරික්ෂාවකදී වෑණ් රථය තුල පා බැඳ දැමූ ගවයින් 08 දෙනෙකු සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?