IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් ප්‍රධානීන්ට යළි සිහිකැඳවීමක්

(සුජිත් හේවාජුලිගේ )

අධික උෂ්ණත්වය හේතුවෙන්  දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු  පියවර ගන්නැයි  අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත්  නිවේදනයක් නිකුත් කරමින්    පාසල් බලධාරීන්ට  අද (12) යළි සිහිකැඳවීමක් කළේය.

එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි  සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල් නිවේදනය නිකුත් කළේ මෙම මස 26 වැනිදාය.

එම මුල් නිවේදනයේ සඳහන් උපදෙස් පිළිපදින  ලෙස නව නිවේදනයෙන් යළි  සිහිකැඳවීම් කර ඇත.

අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන්  වැළැක්විය යුතු බවත් ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින දරුවන්ට   වැඩිපුර ජලය පානය කිරීම හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසු බවත් එහි සදහන්වේ.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකිය යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

අම්පාර තිරික්කෝවිල් ප්‍රදේශයේ පාසලක සිසුවකු  මැරතන් තරඟයක් අතරේදී හදිසියේ අසනීප වීමෙන් පෙරේදා (11) මියගියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් අරඹා ඇත.



අදහස් (2)

පාසල් ප්‍රධානීන්ට යළි සිහිකැඳවීමක්

Lakmal Tuesday, 12 March 2024 09:17 PM

මේවා කාටද කියන්නේ .ඉස්කෝල වල ළමයි ගැන හිතනවට වඩා විදුහල්පතිට ගුරුවරුන්ට ඕනි කොහොම හරි ක්‍රීඩා උත්සව තියලා ලකුණු ටිකක් දාගන්න ,අනික් ඉස්කෝලෙට වඩා හොඳට කරන්න .අනික නැතිබැරි දෙමව්පියන්ගෙන් පවා සල්ලි එකතුකරනවා කිසිම හිරිකිතයක් නැතුව

:       1       16

C M D Dilhara Wednesday, 13 March 2024 11:25 AM

මේවා ගැන බොරුවට ගැසට් ගහලා දැනුවත් කරා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය අත පිහදාගන්න හදන්නේ දෙයක් වුණාට පස්සේ බොරුවට පරික්ෂණ පවත්වලා වැඩක් නෑ. වැඩිහිටි අපිටම අව් රශ්මිය දරා ගන්න අමාරුයි. ළමයි කොහොම දරා ගන්නද? කුරුණෑගල ටවුන් එකේ ඇති හැම පාසලකම ළමයි අව්වේ දාගෙන මරවනවා. දෙමව්පියන් දැනුවත් කරත් සතේකට ගණන් ගන්නෑ අධ්‍යාපන අමාත්‍යාංශයේ පඩි ගෙවන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින්නේ. ගන්න පඩියට වැඩකරන වැඩක් කරලා තම දරුවන්ට කන්න දෙනවා කියලා හිතනවා නම් ඉක්මනින්ම මේ ගැන සොයා බල්න්න කටයුතු කරන්න තව ළමයි මැරුණාට පස්සේ බොරු පරීක්ෂණ කරන් නැතිව...

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site