IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාසල් දරුවන්ට ශ්වසන අබාධ ඇතිවීමේ අවදානමක්

(නිමල කොඩිතුවක්කු)

මේ දිනවල  පැවැත්වෙන ක්‍රීඩා තරඟ සහ පාසල් ක්‍රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි බැවින් ඔවුන්ගේ ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

වාතයේ පවතින අධික දූවිලි මට්ටම හේතුවෙන් ඇදුම රෝගයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන  බවත්  විශේෂඥ වෛද්‍යවරයා  සඳහන් කළේය.

රෝහල් තුළ ඇදුම රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, විශේෂයෙන් රාත්‍රියේදී තම දරුවාට දිගින් දිගටම කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මව්පියන් කටයුතු කළ යුතු බවත් ඔහු කීය.

පවතින අධික උණුසුම් තත්වය හේතුවෙන් පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවිත්වීම මෙන්ම ළමයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීම සම්බන්ධව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇතැයි ද  විශේෂඥ වෛද්‍යවරයා  පැවසීය.

ළමයින් දහවල් කාලයේදී වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වුවහොත් ඔවුන් තාප කම්පන තත්ත්වයන්ට මෙන්ම  විජලන තත්ත්වයට පත්වන බවද ඔහු   සඳහන් කළේය.

අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයට මෙන්ම සමටද ඉතා හානිදායක තත්ත්වයන් මතුවිය හැකි බවත් දීපාල් පෙරේරා මහතා කීය. දහඩිය බිබිලි, දද, කුෂ්ඨ වැනි සමේ රෝග මෙන්ම පාචනය වැනි රෝගී තත්වයන්ගේ  වැඩි වීමක්ද ඇති විය හැකි බවත්  ඔහු පැවසීය.

කුඩා දරුවන්ට තැඹිලි, කුරුම්බා, ජීවනී, දෙහි, දෙළුම්, වැනි පාන ඉතා සුදුසු බවත් දිනකට දෙපාර්ක් ස්නානය කිරීම හෝ  විනාඩි 20ක් පමණ ජලයේ රැඳී සිටීමට ඉඩ හැරිය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

පාසල් දරුවන්ට ශ්වසන අබාධ ඇතිවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site