
(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිරයාම වැලැක්වීම සඳහා මාපියන්, ගුරුවරුන්, කලාප නිලධාරින් හා පොලිසිය එක්ව “සුපරික්ෂාකාරී කමිටු” කඩිනමින් පිහිටුවීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පොලීසියට අද (28) උපදෙස් දුන්නේය.
පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් කටයුතු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩිව ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පසුගියදා ඇතිවූ වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් විශාල ප්‍රමාණයක් යට වූ අතර එය පාලනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලය හා වාරි මාර්ග දෙපාර්තුමේන්තු එක් කරගනිමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහායද ඇතිව වැඩපිළිවෙලක් සකසන ලෙසද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතාට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් සිසුන් බෙරා ගන්නට නම් එම සිසුන්ගේ දෙමාපියන්ගේ හැසිරීම සහ ඇබ්බැහිවීම් ගැන ද සොයා බැලීම වැදගත්ය. දෙමාපියන්ගේ හැසිරීම යහපත් නම් දරුවන්ගේ හැසිරීම් ද යහපත් වෙයි. දරුවන් මුලින්ම ලොව දෙස බලන්නේ දෙමාපියන් තුළින් බව සඳහන් කළ යුතුයි...