IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


පාසල් ක්‍රිකට් තරඟාවලියට වාරණයක්

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයේ 2023-2024 දෙදින තරඟාවලියේ පහත දැමීමේ තරඟ (Demotion/Relagation) පැවැත්වීම තාවකාලිකව වළක්වමින් කොළඹ ප්‍රධන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද (25) නිකුත් කළේය.

අප්‍රේල් 08 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයට එරෙහිව අදාළ වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයට නොතිසි නිකුත් කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය එහි නිලධාරීන් ඇතු`ථ පිරිසක් නම් කර ඇත.

නීතීඥ ගිම්හානි ලිවේරා මහත්මියගේ උපදෙස් මත මෙම පෙත්සමම ඉදිරිපත් කරන ප්‍රධාන පෙළේ පාසැල් 05ක් විසින් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය 2023-2024 දෙදින තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් හතරක් පහත හෙලීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බව පෙන්වා දී ඇත,

එක් තරඟාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තොරාගත යුතු බව මෙතෙක් පැවති ක්‍රමවේදය බවත් එම ක්‍රමවේදය කඩකරමින් වගඋත්තරකාර ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය එහි නිලධාරීන් මෙවර පැවැත්වෙන 2023-2024 දෙදින තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් හතරක් පහත හෙලීම සඳහා සැලසුම් කර ඇතැයි පෙන්වා දී ඇත.

වගඋත්තරකරුවන්ගේ එම ක්‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙතෙක් පැවති ආකාරයට එක් තරඟාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තොරාගත යුතු බවට වන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

මේ බව තහවුරු කරමින් නීතීඥ හිලරි ලිවේරා මහතා දැක්වු කරුණු සැළකිල්ලට ගනිමින් ලබන මස 08 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින මෙම පෙත්සම යළි කැඳවවීමට නියම කළේය.

පෙත්සම්කාර පාසැල් වෙනුවෙන් නීතීඥ ගිම්හානි ලිවේරා මහත්මියගේ උපදෙස් මත නීතීඥ අරුණි ද සිල්වා මහත්මියය සමඟ නීතීඥ හිලරි ලිවේරා මහතා පෙනී සිටියේය.



අදහස් (1)

පාසල් ක්‍රිකට් තරඟාවලියට වාරණයක්

sam Tuesday, 26 March 2024 11:18 AM

අහෝ ආනන්දෙට ගිය කලක්

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
2024 අප්‍රේල් මස 29 223 2

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 344 1

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති
2024 අප්‍රේල් මස 29 210 0

ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීම


වැලිගම බාලිකා පාසලක ගින්නක්
2024 අප්‍රේල් මස 29 237 0

වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබේ.


පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම
2024 අප්‍රේල් මස 29 314 0

කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නිය


රට ගැන හිතන්න අනුර ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 461 6

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 387 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1615 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site