IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස  මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස  මුදලට අලෙවි කළ ඡායාරූප ශාලාවක් වටලා එහි හිමිකරු  සහයක තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ ව්‍යාජ ලේඛන සකස් කිරීමට යොදාගත් ලැෆ්ටොෆ්  පරිගණක යන්ත්‍ර 2 ක් ප්‍රින්ටරයක් ස්කෑන් යන්ත්‍රයක් , අන් සතු විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් පත්‍ර 2 ක්  පොලිස් භාරයට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් හට ප්‍රමුඛතාවය මත සේවය ලබාදීම සඳහා බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර  ඒ අනුව පැමිණෙන ජනතාව හට ප්‍රමුඛතාවය මත සේවය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලිපි ලේඛන සඳහා බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රාව තබා දිනය හා ප්‍රමුඛතා අංකයක් ලබාදීම සිදුකරන බව පොලිසිය කියයි.

 

 



අදහස් (1)

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා

sam Monday, 14 October 2024 04:19 AM

මොවුන්ව අවුරුදු 10 කටවත් හිරේ දාලා ලොකු ප්‍රසිද්ධියක් දෙන්න මේ වගේ වැඩ කළොත් හිරේ අවුරුදු 10ක් යයි කියලා. හුඟක් අය මේ වගේ වැරැදි වැඩවල දිගටම ඉන්නේ හිටපු ආණ්ඩුවල දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් මේ වගේ වැරැදි වැඩවලින් පැනලා යන්න පුලුවන් වුණු හින්දයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site