(*** නිමන්ති රණසිංහ)
පැසිපන්දු ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීමට නියමිත පෝෂණ දීමනා සහ ක්‍රීඩාපිටි වෙන් කිරීම්වලට අදාළ රජයේ මුදල් රුපියල් ලක්ෂ 53කට අධික සංඛ්‍යාවක් කූඨ ලේඛන ලෙස සකස් කර අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කොළඹ වංචා විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
කොළඹ 07, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරී වර්ණකුලසූරිය දෙහිවලගේ ගාමිණී කපිල දේව කොස්තා මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
පැසිපන්දු ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීමට නියමිත පෝෂණ දීමනා සහ ක්‍රීඩාපිටි වෙන් කිරීම්වලට අදාළව රජයෙන් වෙන් කර ඇති මුදල් රුපියල් පනස් තුන් ලක්ෂ දහ දහස් හාරසියයක මුදලක් රුපියල් (53,10400) මෙලෙස අවභාවිත කර ඇතැයි පැමිණිල්ල සඳහන් කර ඇත.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ඒකක 06 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කොඩිකාර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව බහා තබන ලෙසට වංචා විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ වංචා විමර්ශන ඒකකයට නියම කරමින් නඩුව බහා තැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි, තුට්ටු දෙකේ නිලදාරින්නේ මේ..? කරුණාකර මේ හිඟන කාලකන්නි හැත්ත බුරුත්තේ නම්, ගම්, රූපද සමග බියනොවී මිනිසුන්ට දැන ගැනුමට සලස්වන මෙන් අප සියලුම ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. එවිට මෙවන් තුප්පහියන්ට මෙන්ම පවුල්වල සාමාජිකයන්ටද පාරේ යාමට නොහැකි වෙනු ඇත. එයම ප්‍රමාණවත් මෙවන් ජඩ වැඩ නොකිරීමට බව අප විශ්වාස කරන්නෙමු.
රටේ වැඩිම අපරාද කරන්නේ ගීතිකා ගයන, යාඥා කරන අයට වඩා පිරිත් අහන අයයි.