IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොසොන් සතිය හෙටින් ඇරැඹේ

(දයාරත්න ඇඹෝගම)

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් 2331 වන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි.

මෙවර පොසොන් සතිය හෙට සිට ආරම්භ වේ.

මෙදින සිට ජුනි 06 වනදා දක්වා පොසොන් සතිය ලෙස නම්කර තිබේ.“නැගෙමු, පිඹිදෙමු, යෙදෙමු , සුරකිම් මිහිදු මා හිමි දෙසූ දහම්”යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාවයි.

පොසොන් ආගමික වැඩසටහන යටතේ ආගමික වතාවත් මැයි මස 25 වනදා මිහින්තලේ සති පිරිත් දේශණයෙන් ඇරඹිණි. එහි දොරකඩ අස්න මංගල්‍ය මැයි මස 31 වනදා පැවැත්වෙන අතර පසුදා උදෑසන හීල් දානයෙන් මිහින්තලේ සති පිරිත් පිංකම අවසන් වේ.

මිහිදු පෙරහර වීථි සංචාරය කරන්නේ ජුනි මස 2 වැනිදායි. පොසොන් සතිය පුරා මිහින්තලා පුදබිමේ දී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට ද කටයුතු යොදා ඇත. ජුනි මස 2,3හා 4 යන දිනවල මිහින්තලා ආලෝක පූජාව පැවැත්වේ.

ශ්‍රී මහා බෝධීන් වහ්නසේ අභියස ද පොසොන් සතිය නිමිත්තෙන් සුපුරුදු පරිදි ආගමික වැඩසටහන් පැවැත්වේ. රුවන්වැලි සෑ ආලෝක පූජාව ඇරඹෙන්නේ ජුනි මස 2 වැනිදා සන්ධ්‍යාවේ දී ය. පොසොන් පොහොය යෙදෙන ජුනි මස තුන්වනදා රුවන්වැලි සෑ රදුන් අබියස ධර්ම සාකච්ඡා කිහිපයක්ම සංවිධානය කර තිබේ.

එදින සවස 7.00 සිට 8.00 දක්වා ධර්ම සාකච්ඡාව පවත්වන්නේ කොටපොල අමරකිත්ති නා හිමිපාණන් වහන්සේ යි. පස්වරු 8.00 සිට 9.00 දක්වා මහාචාර්ය  මැදගොඩ අභයතිස්ස නා හිමියන් වහන්සේ ගේ ධර්ම දේශනාවකි. එදින රාත්‍රි 9.30 සිට 10.30 දක්වා ධර්ම සාකච්ඡාව පවත්වන්නේ මහාචාර්ය ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි , ආචාර්ය ය නුගේතැන්නේ පඤ්ඤානන්ද , ආචාර්ය කල්ලංචියේ රතනසිරි යන නාහිමිපාණන් වහන්සේලා විසිනි.

ජුනි තුන්වනදා සවස 2.00 සිට 3.30 දක්වා කාලයේ අභියගිරිය විහාරස්ථානය අබියස ධර්ම සාකච්ඡාව සිදුකරන්නේ ආචාර්යය කල්ලංචියේ රතනසිරි නා හිමිපාණන් වහන්සේ , මහාචාර්ය තුසිත මෙන්ඩිස් , මහාචාර්ය අජිත් තල්වත්ත යන විද්වත් පිරිසයි. පස්වරු 5.00 සිට 06 දක්වා කාලයේ අභියගිරි ස්ථූපය අසල නෙළුම් මල් පූජාවක් පැවැත්වේ.

මීට අමතරව මිරිසවැටිය ,ලංකාරාමය ,ථූපාරාමය , ජේතවනාරාමය ඇතුළු සිද්ධස්ථාන රැසක ආගමික වතාවත් පැවැත්වේ.

විජය පුවත්පත් සමාගහ හා ලංකාදිප පුවත්පතේ අනුග්‍රහයෙන් තන්තිරිමලේ ආලෝක පුජාව ජුනි මස 02,03 හා 04 දින පැවැත්වේ. ඒ හා සමගාමිව තන්තිරිමලේ පුදබිම තුල ද ධර්ම දේශනා , බුද්ධ පූජා , බෝධි පූජා , භක්තිගීත ආදිය ඇතුළුබෞද්ධ ආගමික වැඩසටහන් රැසක් පුජය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.

 



අදහස් (0)

පොසොන් සතිය හෙටින් ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site