
(උපුල් හේරත්)
පොසොන් ජාතික උත්සවයට මුදල් සොයාගැනිමට පාත්තරයත් අරන් පිඬුසිඟා වඩින බව මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියෝ ප්‍රකාශ කළය.
පොසොන් උත්සවය සැමරීම වත්මන් නායකයන් හිතාමතා පැහැර හැර ඇතැයි ද නා හිමියෝ චෝදනා කළහ.
අපි ජනතාවගේ පැත්තේ ඉඳලා කෙලින් කතා කරනවා. ඒ නිසා මේ වැඩවලින් මට නෙවෙයි මේ රිදවන්නේ සම්බුද්ධ ශාසනයට.
මේ අය සිත් - පිත් නැති කළු ගල් වගේ මිනිස්සු .එහෙම කිව්වේ මම රට කරවන එවුන්ට .කළු ගලක් වුණත් බුදු පිළිමයක් නිර්මාණය කළාට පස්සෙ දෑත් නළල මත තබා අපේ බෞද්ධයෝ වන්දනා මාන කරනවා .මේ මිනිස්සු එහෙම නෑ .ඒ නිසා මකබෑවිලා යන්ඩ ඕන .
වැඩිදුරටත් අදහස් දැක් වූ මිහින්තලේ මහ නා හිමියෝ මෙසේ ද කීහ.
"මේ මිනිස්සු ඉන්න තුරාවට සුභ සිද්ධියක්,යහපතක් ,දකින්නට හම්බ වෙන්නේ නෑ .ජාති භේද කරයි ,පක්ෂ පාට අවුල වයි ,ඒ තුළින් ඒ අය රටේ පාලනය දැහැගන්ට බලාගෙන ඉන්නවා .මේවා මෙි රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන .
බුද්ධාගම සුරක්ෂිත කරනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා .
එයිනුත් අනිත් ආගම් වල සිත් රිදවීමක් තමා කරලා තියෙන්නේ. බුද්ධාගම සුරක්ෂිත කරලා පෝෂණය කරනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා.එහෙම නම් මේ ලංකාවේ පළවෙනි විහාරස්ථානය මේ ස්ථානය පිහිටා තිබෙනවා. මෙයිනුත් ඒ ඇත්තෝ වාසි ගන්ට උත්සාහ කරනවා . මුස්ලිම් මිනිස්සුන්ට ,දෙමළ මිනිසුන්ට , ක්‍රිස්තියානි මිනිස්සුන්ට ඒක අසාධාරණයක් නෙමේ ද .
ආණ්ඩුකාරවරයා ඇවිත් කීවේ වෙසක් එකට සත පහක් වත් දුන්නේ නෑ කියලා ,මූල්‍ය කළමනාකරණය කරනවලු .මහ දිසාපතිතුමා කීවා මිලියන පහක් දුන්නා කියලා .ජනාධිපති තුමා කියා තිබෙනවා පොසොන් එකත් වෙසක් එක වගේම සමරන්න ලු . දීපු මුදල්වලින් කරන්න බැරි නිසා මහ දිසාපති තුමා ඉහලට දැනුම් දුන්නලු. ඉහළ ඉන්න අය ගැන කතා කරලා වැඩක් නෑ , සමහරුන්ගේ කන් ඇහෙන් නෑ, ඇස් පේන්නේ නෑ හරියට අබ්බගාත යෝ වගේ .
ඒ නිසා මම තීරණයක් ගත්තා, මේ නුවරකලාවියේ ඉන්න මිනිසුන්ගේ ඇට මිදුලුවලට පවා මෙි පොසොන් උත්සවය කිදා බැහැලයි තියෙන්නෙ. මට තියෙන්නේ මේ බුද්ධ චීවරයත්, පාත්තරයක් පමණයි.මම හෙට ඉඳලා ජනතාව ඉදිරියට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා ,මෙවර පොසොන් උත්සවය කර ගෙන යෑම සඳහා ආධාර උපකාර කරන ලෙසට යනුවෙන් මිහින්තලේ මහ නාහිමි වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියෝ පැවසූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායක හාමුදුරුවනේ, ඔහොම කරනකොට මොනවා වෙයිද කියලා අපිට බයක් ඇතිවෙනවා. එනිසා පොසොන් උත්සවය වෙනුවෙන් ගිණුමක් විවෘත කරලා ජනතාව දැනුවත් කරන්න සැදැහැවතුන් සිටී නම් ඔබවහන්සේලාගේ උත්සාහය සාර්ථක වේවි...!
ගොන් පාර්ට් ...
විකාර. පොසොන් පෝය තියෙන්නේ උත්සව පවත්වන්න නොවේ. ප්‍රතිපත්තිවල නිරත වෙන්නයි.
මේ රටේ මහ සඟරුවනක් නැහැ. එහෙම සිල්වත් සඟුන් හිටියත් අපට දකින්න ලැබෙන්නේ කලාතුරකින්, දැන් ඉන්නේ වැඩිහරියක් කහ රෙදි පටලවාගත්ත අය, කහරෙද්ද ලයිසන් එකක් විදියට පාවිච්චි කරන්නේ. පවුල් කනවා, දරුවෝ ඉන්නවා, අපරාධ කරනවා, මත්පැන් ගන්නවා, මොනවද ඔය අය නොකරන්නේ... බුදුන් වදාල දහම දන්නවාද කියලත් සැකයි. මිනිසුන්, බුදුන් වදාල ධර්මය ගැන ඇත්තේ මහා ගෞරවයක්..., ඔවුන් කහරෙදි කාරයින් තුළින් ධර්මය දැක්ක කාලය ඉවරයි.
අන්න එහෙමයි වෙන්න ඕන එහාමුදුරුවනේ ...!!!
අතිගරු අගමැටිතුමනි, වැඩි කල මන්ත්‍රී රක්ශණයට අදාල premium එක පන්සල් වලට දෙමුත?
කොහොම හරි දගලන්නෙ හිගාකෑමෙන් හරි සල්ලි ගසාගෙන කන්න තමයි
පොසොන් ජාතික උත්සවය සාර්ථක කරගැනීමටත් මහජනත්වගේ සබගිත්වයෙන් පමණක් නොව මමජනත්වගේ දායකත්වයද ලබාගැනීමට අවශ්‍ය වේ, එමනිසා ඉදිරියේදී සෑම ආගමික උත්සවයක් පැවැත්වීමට මුදල් සොයාගැනිමට මහජනත්වගේ සහයෝගය ලබාගන්න. ඔවුන්ව දැනුවත් කරන්න. මෙම ආගමික උත්සව පැවැත්විය යුතුවන්නේ මහජන ත්වගේ දායකත්වයෙන් ඔවුනටත් සබගි වීමට වඩා දායකත්වය ලබාදීම පුණ්‍ය ක්‍රමයක් බව සදහන් කරන්න. පොසොන් උත්සවය වෙනුවෙන් වෙනමම ACCOUNT ඇතිකර එයට මුදල් තැන්පත්කරනමෙන් ජනමාද්‍ය මගින් දැනුවත් කළහොත් හොත් සියලු ජාතීන්ට අයත් පුරවැසියන් මුදල් ලබාදෙනු ඇත. එවිට පුද්ගලයකුට එම පොසොන් උත්සවයට සහබාගි නොවුවත් පොසොන් උත්සවයට ඔවුන් මුදලින් දායකත්වය ලබාදීම නිසාම ඔවුන් සතුට වනු ඇත සහ ඔවුනටත් පිනක් ලැබෙනු ඇත. මේ පිළිබද සොයා බලන්න රටේ පුරවැසියන්ටද දායකත්වය ලබාදීමට අවස්තවක් ලබාදෙන්න
මේ උත්සවවලට මුදල් හිඟමනේ යන්න ඕනෑ නැහැ. දුප්පත් දරුවන්ගේ බඩගිනින නිවන්න බලන්න හාමුදුරුවනේ. ඒකම ඇති පිං ලබාගන්න. උත්සව වලට මුදල් මොනවාටද? සදැහැවත් දායකයෝ ඒවා බලාගනීවි. මේවා තමයි ආගම විකුණගෙන කරන අලුත්ම පන්නයේ ව්‍යාපාර...