(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පසුගිය අවුරුදු කීපය ඇතුලත පොලිස් භාරයේ හිටපු පහළොස් දෙනෙක් මරා දමා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද(20)පැවසීය.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම යුරෝපා මානව හිමිකම් කවුන්සිලයේ දීර්ඝව කතා කර තිබෙන බව කී කිරිඇල්ල මහතා මෙි පොලිසිය ගැන ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේත් විශාල කලකිරීමක් තිබෙන බව සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා පැවැසූයේ
මේ වන විට දකුණු පළාතේ පොලිසියට විමර්ශන කටයුතු පවත්වන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙන බවයි.පොලිසියේ අයි.පී කෙනෙක් මරා දමා තිබෙන්නේ යැයිද දකුණේ ඉන්න බෑ කියමින් පොලිසියේ බොහෝ දෙනෙක් ස්ථාන මාරු ඉල්ලන අතර පොලිසියට ජීවිත තර්ජන කරමින් ඩුබායි සිට කෝල් එනවාලු "යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පිලිපීනයේ හිටපු ජනපති පාතාලයට කරපු දේ නිසා අද පිලිපීනය හැදී තිබෙන බව පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා දකුණේ පුදුම භීෂණයක් තිබෙන බවත් ඒ වෙනුවෙන් කතා නොකරන්නැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මොනවා දොඩනවද දන්නෙ නෑ. මුළ එකක් අගින් වෙන එකක්. කොටි යුද්ධය කාලෙත් ඔහොම ම තමයි. හැක හැක ගානව මිසක යථාර්ථවාදී ව රටට යහපත් වෙන දෙයක් කියන්නෙ නෑ.
තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී තිබෙන බලතල ක්‍රියාත්මක කර ජනතාව බේරගන්න ශක්තිමත් ජනාධිපති කෙනෙක් නැතුව රට හදන්න බැහැ කියලා හිතෙනවා... රටේ එකෙක් දෙන්නෙක් කරන නොහොබිනා වැඩ නිසා දහස් ගණනක් දුක් විඳිනවා.. එහෙම සුලු පිරිසෙන් එකෙකුට දෙන්නෙකුට දඬුවමක් දුන්නොත් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියනවා... හරියට පීඩාවට පත්වෙන දහස් ගණනක් අයගේ මානව හිමිකම් බලන්න කෙනෙක් නැහැ...
ඉතින් හොඳයිනේ. පාතාලයෝ මඩින්න තිබෙන එකම ක්‍රමය. පාතාලයෝ රැකගන්න ඕනේ නම් ගෙදර ගෙන ගොහින් තියාගන්න. ජනතාව හැටියට අපේ බදු මුදල් ඔවුන්ව රකින්න වුවමනාවක් නැහැ. දුටු තැන මරා දැමුවත් අපිට කමක් නැහැ.
පොලිස් භාරයේ සිටි එහෙම මිනිස්සු සමාජ ගතව සිටිද්දී එවුන් අතින් කොපමණ විනාශයක් හා මිනිස් ජීවිත කීයක් අහිමි වෙන්න ඇද්ද? ඇත්තටම මේරටේ පිරිසක් වැරැදිකරුවන්ට පක්ෂපාත වෙනවා හිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකිනවා... නමුත් වින්දිතයින්ට සහනයක් ගැන කවුරුත් කතාවක් නැහැ නේද?
කවුරුවත් කලබල වෙන්න දෙයක් නෑ. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි මේ වගේ මිනිස්සු දිගටම පාර්ලිමේන්තු ගේන්නේ?
දුක නම් ගෙදර එක්කන් ගිහින් පරිස්සම් කරගන්න....!