(ගයාන් සූරියආරච්චි)
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26කි.
එම වෙඩි තැබීමේ සිද්ධීන් 37 න් 23 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදුකර ඇති අතර ඉතිරි සිදුවීම් 14 පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද සදහන් වේ.
COMMENTS
බලලෝබී, බඩගෝස්තරවාදි දූශිත පවුල් පාලනේ අය විසින් පෝෂණය කරපුවා...!
සමහර කමෙන්ට්ස් දැක්කාම ගොනාගේ තරම තේරෙනවා.
මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන් හැම දෙයකටම බණින්නේ හිටපු නායකයින්ට. ඒක මොළේ ආසාධිත රෝගීන්ගේ ලක්ෂණ. ඔවුන් ඉතා අන්තවාදීන් වන අතර හොඳක් නරකක් දකින්නවත් තව කෙනෙකුගේ අදහසකය සවන් දෙන්නටවත් විවෘත මනසක් ඔවුන්ට නැත. වර්ථමාන රජය මොනවා කරනවාද කියා නොතේරේ. පච කෙල කෙල පරණ නායකයින්ට බැන බැන සිටිනවා මිසක සාධනීය දෙයක් මේ වනතුරු කර නැත.
පාලකයෝ...!
පොලිසියෙන් කොල්ලෝ ගහලා මරලා ඔවුන්ට මානසික රෝග තියනවා කියනවා. පාතාලේ අයට හිතෙන හිතෙන විදිහට ඕනෑ එකෙක්ව මරණවා. බලාගෙන ගියාම ආණ්ඩුවට පාතාලය කන්ට්‍රෝල් කරන්නත් බෑ. පොලිසිය කන්ට්‍රෝල් කරන්නත් බෑ. එක්කෝ පොලිස් ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනෑ. නැත්නම් ජනාධිපති බලය පාවිච්චි කරලා ඒ දෙන්නාව ඔය තනතුරුවලින් ඉවත් කරලා වැඩ පුළුවන් දෙන්නෙක්ව ඔය තනතුරු වලට දාන්න ඕනෑ. ජනාධිපතිට ඒ දෙන්නවත් කොන්ට්‍රොල් කරන්න බැරි නම් ඉතින් පරණ සමන් පියසිරි සහ කීර්ති විජයබාහු සන්නද්ධ අංශ නායකයන් වාගේ අයවවත් හොයලා ගන්න වෙයි... පාතාලය මඩින්න. මේ වගේ දේවල් ඇහෙන්නේ පෙනෙන්නේ නෑ වගේ ඉන්නවා කියන්නේ රජය නිවට නියාලු කියන එකයි...