
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ කොයිම්බතුර් හි දේවාලයක් ආසන්නයේ පසුගියදා මෝටර් රථයක තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් පිපිරී යෑමෙන් මියගිය 25 හැවිරිදි ජමීෂ මුබින්, 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගේ ජාලයේ සාමාජිකයකු බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය.
පාස්කු දින ප්‍රහාරය මෙන් මෙම සැකකරු ත්‍රස්තවාදී ප්‍රහාරයකට සූදානම් වූවා දැයි සැකයක් පවතින බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය.
කොයිම්බතුර් දේවාලයේදී පුපුරවා ගැනීමට පැමිණ එය අසාර්ථක වූවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව කොයිම්බතුර් පොලිසිය සඳහන් කළේය.
සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්න අමු ද්‍රව්‍ය සොයා ගත් බවත් මෙම සැකකරු තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයේ දේශනවලට මුස්ලිම් පල්ලියකදී සහභාගී වී ඇති බවත් කොයිම්බතුර් පොලිසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු කොයිම්බතුර් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අතර සිටින මොහොමඩ් අසරුදීන් නැමැත්තා සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇති අයෙක් බවත් තරුණයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බවත් කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මහා මොලකරුවා මොදීද? ඒ රටේ කාදිනල්ගෙන් අහමු. එක අපිට අදාළ නැහැ කියා හිතන්න එපා. ලබ්බට තිබ්බ අතමයි පුහුලට තිතියන්නේ කියන සිංහල කියමන මතක් කරගන්න. මීට කලින් 2008 නොවැම්බර් 29 දී සිදුවූ මුම්බායි හෝටල් ත්‍රස්ත ප්‍රහාරය දැන් මතක නැතුව ඇති.
බමුණුආරච්චි කිව්වා මතකද පාස්කු ප්‍රහාරය ඔවුන්ගේ ආගමික ප්‍රහාරවල පළමු එකවත් අවසාන එක හෝ නොවේ කියලා. මේකේ මහා මොලකායරයා මැරිලා අවරුදු 1400 ට වැඩී. මහා මොලකායරයාගේ පොත කියවන හැම එකාම ආගමික ත්‍රස්තයෝ. 2008 නොවැම්බර් 29 දී සිදුවූ මුම්බායි හෝටල් ත්‍රස්ත ප්‍රහාරය දැන් මතක නැතුව ඇති.
රාජපක්ශල තමයි කෙරුවේ කියල හිතන් ඉන්න කාඩිනල්ගේ උන්දැලගේ ඇස් ඇරෙන්නේ ලංකාවට තව දෙතුන් පාරක් වැදුනම තමයි. සිංහලයා මෝඩයා කියන්නේ නිකන් යැ. රාජපක්සල හරක් උනාට හරියටම උනේ මොකද්ද කියල තේරුම් නොගත්තොත් ලංකාවෙ ඉතුරු ටිකටත් යන්න ඉක්මනටම පාස්පෝර්ට් හදා ගන්න වෙනව.
මම මේ නොදන්නා නිසයි අහන්නේ, ලංකාවෙ සහරාන්ට වගේ, මේ පුද්ගලයාටත් ඉන්දීය බුද්ධි අංශයෙන් වැටුප් ගෙවලා තියනවද? ඔහු හිටපු ඉන්දියාවේ බුද්ධි අංශ සාමාජිකයෙක්ද? ඔය කාරෙක ඇතුලේ පිපිරිලා තියන සිලින්ඩර දෙක පිපිරෙන්න කලින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ව දැනුවත් කරලා එහෙම තියනවද? බුද්ධි අංශ දැනුවත් කිරීම් වලදී, "ඒක අපේ වැඩක්" යයි පවසා තියනවද? ගෑස් සිලින්ඩර පිපිරීම හා බෝම්බ ගැසීම එක හා සමානද? පහුගිය කාලේ ලංකාවේ කුස්සි වලත් පිපිරුනු සිලින්ඩරත් බෝම්බ ප්‍රහාරද? ලංකාවේ පාස්කු බෝම්බ ගහන්න තාක්ෂණය ලබා දුන්නු මහමොකරුවන්ට දැනටමත් දඬුවම් ලැබිලා තියනවා. මම හිතන්නේ ස්වභාව ධර්මය තවම ඔවුන්ට දඬුවම් දෙන්න පටන් ගත්තා පමණයි. නීතියත් බල්ලන්ගේ අතට පත්වූ රටක පාස්කු ප්‍රහාරකයින්ට මොන දඬුවම්ද? මේ වගේ අමනයින්ට ඊළඟට ගහන්නේ බෝම්බ නෙමේ, හෙණ!!!!!
එහෙනම් එහෙත් කාදිනල් තුමා ආන්ඩුව පෙරලගන්නකල් මස් රාත්තලම ඉල්ලල කෑගහන්ඩ ගනිවි.