(ආරියරත්න රණබාහු)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බවත් එසේ නොමැති නම් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (14)කොළඹ පවති මාධ්‍ය හමුවකදී පැවසීය
පිට කෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒබව පැවසු ගම්මන්පිල මහතා එහිදී මෙසේද කීය.
පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා හිස් අතින් කටුවාපිටිය පල්ලියට ගිය එක වැරදියි, පල්ලිය හැමදාම ඉල්ලන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු දෙකේ වාර්තා දෙක අරගෙන යන්න තිබුණා කියා මම ප්‍රකාශ කලා.
තවදුරටත් පමා නොකර මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමතිතුමාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළා. එවිට ඇමතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා.
ගරු ඇමතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදි කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොලකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදි කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට බාර දුන්නා. ඒ කොටස් වලින් මහ මොලකරු සොයා ගන්න නම් බැරි වෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්. නැතිනම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.
අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ජනක් ද සිල්වා වාර්තාව නොවේ. දැනට ප්‍රසිද්ධ නොකරපු එස් අයි ඉමාම් වාර්තාවයි, ඒ එන් ජේ ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ. විශ්‍රාමික විනිසුරු එස් අයි ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත්, විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14ත් හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. මෙන්න මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න. කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ඇන්තනී පියතුමන් පුන පුනා කියන්නේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලයි. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබතුමා කියන ආකාරයට පිටු වගයක් අඩුවීම නම් අඩු පිටු ටික මට කියන්න. ඒ පිටු ටික මම දෙන්නම්. මොකද ඔබතුමාලාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොයා ගන්න බැරි වුණු වාර්තා දෙක අපට ලැබිලා තිබෙනවා. අපි ඒක ප්‍රසිද්ධ නොකරන්නේ ජනාධිපතිතුමා පත් කළ කමිටුවක වාර්තාවක් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති නිසා.
මෙවැනි සංවේදී කරණයක් පිළිබදව අපිට තවත් බලා ඉන්න බෑ. ආණ්ඩුව හරියටම දින හතක් ඇතුලත මේ වාර්තාව ප්‍රසිද්ධ කලේ නැති නම් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියන අනතුරු ඇගවීම අපි කරනවා. මේ වාර්තාව ප්‍රසිද්ධ කල පසු අනුර පානයෙන් මත් වෙලා ඉන්න ජනතාවකට සිහි එළවා ගන්න හැකි වේවි කියලා අපි හිතනවා.
වාර්තා මගේ ලගයි කියලා රෑට මගේ කාර්යාලය කඩන්න සැලැසුම් කරන්න එපා. මොකද අපි ඒ සමස්ථ වාර්තා දෙකම ස්කෑන් කරලා එහි පිටපත් රහසිගතව අන්තර්ජාලයේ තැන්පත් කරලයි තියෙන්නේ.
සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන ශිරන්ත ජයලත්, සේකන මංගල යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් තියාගෙන පොල් ගෑවද?
මෙච්චරකල් කොහේද මෙයා හිටියේ?
ඇයි මෙතෙක් කල් ප්‍රසිද්ධ නොකර කෙකර ගගා බලාගෙන හිටියේ...? නිකං බොරු එපා හලෝ. ලබන මාසෙ ඉඳන් ඔයත් කුණු කූඩයට තමයි..!
අපරාදෙ අතේ තිබිලත් ඕක නිදහස් නොකර ඉඳීම වරදක්නේද? කාදිනල්තුමා අච්චර කියද්දී ඔය කතාව නොකීවේ ඇයි? රනිල්ට ගෝඨාභයට බයටද එසේ නොකලේ?, අනුර ඕක ප්‍රසිද්ධ නොකරන්නේ සමහරවිට ඕක දැකලාවත් නැතිව ඇති, ජනාධිපති මන්දිරේ මේසයක් උඩ තිබුණා නම් පල්ලියට යනකොට ගෙනියන්න තිබුණා. මෙයාලාට මයික් අල්ලන අයට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද?
ඇයි ඉතිං මෙච්චර කාලයක් බලාගෙන හිටියේ? ඔච්චර වුවමනාවක් තිබුණා නම් කලින්ම ඕක කරන්න තිබුනනේ. ඇයි දැන් මේ සංදර්ශණ, මහ මැතිවරණය ලඟ නිසාද?
මේකා අනික, සිල් රෙද්ද පොරවන් ඉන්න ව්‍යාගරයෝ. මෙලෝ වැඩක් නැහැ. බොරු පොර ටෝක් විතරයි.
හිටි හැටියේම ගෙබි බකබකයක් මහ හයියෙන් ඇහෙන්නේ මොකෝ කියලා බැලුවා බොලං. ගංවතුර නොව හතර වටේටම. ඉතිං ගෙම්බො වෙන මක් කොරන්නැයි බක බක නොගා.
කතෝලික සභාව ඉල්ලන්නේ වාර්තා නොවේ මහත්තයෝ, වරදකරුවන්ට දඬුවම් කරන්න කියලා.
ඡන්ද ගන්න මරණ විකුණන හිඟන්නෝ..!
මටත් අවධානේ ටිකක් දෙන්නකෝ..!
ඔක්කෝටම ඉස්සෙල්ලා ජනතාවගෙන් ගත්තු රුපියල් සියය ආපහු දීලා ඉන්නවාද?
ලබුගෙඩිය..., දින හතක් මොකටද, දැන් දාන්නකෝ එළියට...! අනේ මන්නාරං තෛලයා..!
ගෙම්බෙක් කියන කතා කවුද විස්වාස කරන්නේ? රුපියල් සීය ගානේ, සල්ලි එකතු කරපු හැටිත් අපි දන්නවා.
ඔව් කරුණාකර ඉදිරියට යන්න හොල්මන්පිලා
AKD ජනාධිපති වුණා විතරයි මේ මනුස්සයාට පුදුම අමාරුවක් හැදිලා තියෙන්නේ. අතට අහුවෙන හැම එකකින්ම දමාගහන්නයි හදන්නේ. දැන් හොඳටම දන්නවා ඊළඟ මැතිවරනේදී එක එල්ලේ කෙලින්ම කුණු බක්කියට විසිවෙන බව. ඒ හින්දා භූමිතෙල් ගෑවුණු ගැරඬියෙක් වගේ ගිය ගිය තැන දඟලනවා...
මෙතෙක් කල් ප්‍රසිද්ධ නොකළේ මන්ද? දැන් ඔබතුමාට ඕනම මාධ්‍යයක් හමුවේ ප්‍රසිද්ධ කළ හැකි ඒ වගේම එය ලබාගත හෝ බාගත හැකි විදිහක් ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය අයගේ දැනගැනීම පිණිස...
මොනවා කළත් හෙළ රාවණ පරපුරේ සිංහලේ තියෙන ෆේස්බුක් ඩේටා කාඩ් යක්ඛ පැටවු එක්ක ජාතිවාදය, ආගම් වාදය එහෙම අවුස්සන්න එපා.. ඕගොල්ලෝ එව්වාට දක්ෂ බව රටේ මිනිස්සු දැන් දන්නවා..
රටට ගින්දර සපයන්නා, හනුමන්තාගේ මල්ලී...
කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කරලා අන්තිමට පීචන් වෙන්නයි යන්නේ...
සීයක් දෙන්නම් කියනවද...? තාම ඕක ගහගෙන ඉන්නෙ ...කේද?
කලින් ආණ්ඩුව තියනකොට ඕක එලියට දාන්න තිබ්බනේ... දැන් මොකද කෙකර ගගා දඟලන්නේ?
ඕස්ට්‍රේලියානු ආයෝජන නීතිමය නඩුව නැවත උසාවි කැඳවයි..!
ගම්මන්පිල ඡන්දය දිනන්න ගේම ගහනවා. දැන් මිනිස්සු බුද්ධිමත්, මේ කතාවලට වැඩක් නැහැ.
දැන් මේ වාර්තාව හදලා ඉවර වුණේ අනුර ජනාධිපති වෙනවත් එක්කමද?
බඩු පිලිවෙලට ඒවි. දහඅටපාලියේ යක්කු ඔක්කොම එකසැරේ නටන්නෙ නෑ. ගොබ්බංපිල්ලියෝ. පන්දමට දාන්න තෙල් බෝතලේකුත් සූදානං කරගන්න. අනුන්ගෙ නඩුවලට ගොඩ පෙරකදෝරු කං කරන්න කලින් තමුන්ගේ හොර ඇටෝනි නඩුව ඉවරකරලා පෙන්නන්නකෝ.
මෙච්චර කල් මෙයා ඕක පස්සපැත්තේද ගහගෙන හිටියේ..?
ඉතින් සුනාමිය... ජොලිසීයා ළඟ හුරතල් වුණු කාලේ තිබුණනේ ඕක කරන්න. දැන් නිකන් බොරු බයිලා කෙළින්නේ..
මේ අය නම් මෙලෝ වැඩකට නැති, රටට බරක්...!
මෙච්චර කාලයක් ඕක ප්‍රසිද්ධ නොකර කෙරුවේ අහවල් මගුලද ?