
(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේ දී අද (22) පැවසීය.
වවුනතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද? සහ එෆ්.බී.අයි එකෙන් දුන් එමි අංකයට අදාළ දුරකථනය කාගේද?යන ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගෙන තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
සියලු ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් ලෙස ලිහමින් සිටින බව කී ජනාධිපතිවරයා කොච්චර පරණ වුනත් විමර්ශන හරියට කරන බවට ප්‍රතිඥා දෙන බව අවධාරණය කළේය.
"පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් ගත වී තිබෙනවා. එම කාලයෙන් පහ මාරක්ම ගත වුනේ විමර්ශන වසන් කරන්න. සාක්ෂි යටපත් කරන්න සහ පරීක්ෂණයේ දිශාව වෙනස් කරන්න උත්සාහ කළා.
සැබැවින්ම පරීක්ෂණයට යා යුතු තැන් අත්හරින්න උත්සාහ කළා.පරීක්ෂණ දියත් වුනේ මෙහෙම තමයි. දැන් නැවත ඒ විමර්ශන සක්‍රීය කොට තිබෙනවා. ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද daily mirror කියවපු ඕනෑම කෙනෙකුට මෙයා කෙළින පච ගැන අදහසක් ගත හැකිය
ඇත්තටම හොඳ පිං ලිඳ ගාව ඕපාදුප කියන්න විතරයි
නියම නායකයෙක්. ශ්‍රී ලංකාවට ජය වේවා...
එහෙනම් ඒ හොඳටම ඇතිනේ .අපිට වෙන මොනවත් ඕන නැහැ
ඉතුරු ගැටලු හතර ඊලඟ ඡන්දය එනකම් කියව කියව ඉන්න තියාගන්නම් හොඳේ
ගැරඬින්ට භූමිතෙල් වැදිලා කලබලෙන් දඟලන්නේ මොකද්ද කියලා පැහැදිලියි
මුවන් පැලැස්සේ පිනා
මහා චේතිය
පාස්කු හැලිය දැන් හොඳටම රත්වීගෙන එන්නේ, මෙපමණ කාලයක් සැපයක් යයි හිතමින් දිය කෙළි, මිනීමරු, කක්කුටු රැලට ඒකේ සාපය ළඟා වෙමින් තිබෙනා බව දැනෙනවා ඇති. ජාතික ජනබල වේගය හැර වෙන කවුරුන්ද ඒ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට යුක්තිය ඉටු කරන්නේ?
බලාගෙන පොලව පලාගෙන යයි
අන්තිමට චේගුවේරා පච උනා
පචාධිපති
ෂුවර්ද සැර්, පොලිස්සියේ මහත්තුරු කියන්නේ පාස්කු විමර්ශන වාර්තාව තව කමිටුවකට දැම්මා කියලා...