(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරි නිලධාරීන් කිසිවකුට හෝ රැකවරණය සැලසීම වැරදි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.
එලෙස රාජකාරි පැහැර හැරි නිලධාරීන්ට තම රජයක් යටතේ කිසිම සමාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් විවාද කිහිපයක් මෙතන පැවැත්වූවා. නමුත් සිද්ධ වෙච්ච දෙයක් නැහැ. ගෝඨාභය බලයට ආවේ මහ මොළකරු හොයනවා කියලයි . වර්තමාන ජනාධිපති ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය උපයෝගී කරගෙන පරීක්ෂණ පවත්වනවා කියලා කිව්වා. නමුත් තවමත් මුකුත් වෙලා නැහැ.ඇත්ත වශයෙන්ම සිදු වෙලා තියෙන්නෙ සැඟවීමක්.
රදගුරු සම්මේලනය රදගුරු තුමා කතෝලික ජනතාව මේ සම්බන්ධයෙන් සත්‍ය සොයනවා. ඒ ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙකුට සමාවක් නැහැ. අපි ඒ අයට පියවර ගන්නවා. පාස්කු ඉරුදින ප්‍රහාරයේදී රාජකාරි කටයුතු නොකර පැහැර හැරපු අයට කිසිම ආකාරයක රැකවරණයක් දිය යුතු නෑ. සියලු කතෝලික ජනතාව මේ ගැන වේදනාවකට පත් වෙලා ඉන්නවා. ත්‍රස්තවාදයාට අපේ රටේ ඉඩක් නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් ගේ ම්ලේච්ඡ ප්‍රහාරය වලක්වා නොගැනීම වරදක්. ලෝකයෙන්ම ප්‍රභල මොසාඩ්ලටත් ඒ වරද.සිද්ධ වුණා. නමුත් ඒ වරද.දේශපාලන වාසියකට හෝ තවත් අන්තවාදී කල්ලියක වාසියකට ගැනීම භයානකයි
පස්කු ප්‍රහරයෙ මුලිකයන් ආරක්ශා කරන්න තමයි පොහොට්ටුව එකතුවෙලා රනිල් ව දා ගත්තෙ. ඉතින් ඒ්ක තමයි එය දැන් කරන්නෙ.
මෙයාට බලය තිබුණත් ඔය ටිකම තමයි වෙන්නේ. රජයක් පිහිටුවන්න මිනිස්සු ඡන්දෙ දෙන්න එපැයි. දේශපාලන වහල්ලු හැරුණාම ජනතාවට සත්‍ය අවබෝධ වී අවසානයි...!