
(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බලවේග සොයා දඬුවම් දෙන බවට වත්මන් ජනාධිපතිවරයා සහ රජය දුන් පොරොන්දුව ඉටු නොවුවහොත් ඒ සඳහා විකල්ප සොයන්නට සිදුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
කතෝලික ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටුණොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙන කණ්ඩායම්වලට පවරන්නට සිදුවන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද (3) අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදුටු අවස්ථාවේ දී අදහස් දක්වමින් කාදිනල්තුමන් මේ බව පැවසූහ.
පාස්කු ප්‍රහාරයයේ ඇත්ත තත්ත්වය එළියට එන තුරු කතෝලික ජනතාව බලා සිටින බවත්, ඒ සම්බන්ධයෙන් සෙවීමේ කොමිෂන් සභාවේ කටයුතු මෙම මස 20 වෙනි දා වන විට නිමවන බව කීවත් ප්‍රහාරයට වගකිව යුතු හා අනුග්‍රහය දැක්වූවන් ගැන සෑහීමකට පත්විය හැකි විමර්ශනයක් සිදුවන්නේ ද යන්න ගැටලුවක් බව ද අගදරගුරුතුමෝ කීහ.
එදිනෙදා එන ප්‍රශ්න නිසා මෙම පරීක්‍ෂණය පිටුපසට තල්ලු නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී අගරදගුරුතුමෝ ආරක්‍ෂක අංශ මේ සිදුවීම සම්බන්ධව නිදා නොගෙන ප්‍රහාරය පිටුපස ඇති බලවේග සොයාගැනීමට ධෛර්යවන්තව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසූහ.
දේශපාලන වාසි ලබාගැනීමට හෝ ඩීල් සංස්කෘතියක් වෙනුවෙන් මේ සිද්ධියත් කාපට් එක යට සැඟවීමක් වගකිව යුතු රජයකින් බලාපොරොත්තු නොවන බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න කණගාටුයි, දේශප්‍රේමේ ඔලුවට ගහලා කතෝලික ජනතාව පඹගාලක පැටලුවේ ඔබතුමා තමයි. ඔබතුමා එසේ නොකළේ නම්, කතෝලික ජනතාව ඒ අවස්ථාවේම අවබෝධ කර ගන්නවා මේ ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවන් කවුද කියන එක? සහරාන්ට 2015 ට කලින් පැවතී රජය වැටුප් ගෙවා ඇත්තේ ආදරයටද? බුදුරජාණන් වහන්සේටත් අපහාස කරමින් ත්‍රස්තවාදයට තරුණ මුස්ලිම් ප්‍රජාව රැගෙන ගිය අබ්දුල් රාසික් ගැන රජය නොදන්නවා කියලද ඔබතුමා හිතාගෙන ඉන්නේ? ඒ වගේම සිංහල කතෝලික ජනතාව මරාගෙන බලයට පැමිණි අය ඒ ත්‍රස්තවාදීන් අල්ලලා දඬුවම් කරයි කියලා ඔබතුමා තවමත් විශ්වාස කරනවද? අනේ පව්, දෙවියන්ගේම පිහිටයි ඔබතුමාට....!!
අනේ ගරු කාදිනල්තුමනි, ඔබ වහන්සේ මේ පාලකයෝ තාමත් විශ්වාස කරනවද? කෝ කියපු දේවල් කළාද? අර්ජුන මහේන්ද්‍රන් එක සතියෙන් ගේනවා කිව්වා. බැංකු හොරු ආපු ගමන් හිරේ දානවා කිව්වා. දැන් අවුරුද්දක් ගියා. ඉතින් තවත් මොනවද?
අගරදගුරුතුමා දේශපාලනඥයින්ටත් රැවටෙනවා නම් ඊළඟ පාප්තුමා වෙන්න ලැබෙන්නෙ නැති වෙයි.
ශර්ලොක්ගේ කතාව මතක් වෙනවා.
පාස්කු ප්‍රහාරය ජනපති වීමට කරන ලද ලොකුම කුමන්ත්‍රණයයි... එහි මහ මොලකරු අද සර්...
අපි නම් කාදිනල් තුමාගෙන් ඉල්ලීමක් කරන්නේ, වහාම මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන වැඩපිළිවලට ජාත්‍යයන්තර සහයෝගය ලබාගෙන, මේ අසරණ ජනතාවට සාධාරණයක් ලබා දෙන ලෙස, මන්ද පාස්කු කොමිසමේ විමර්ශන ගැන අපිට විශවාසයක් නෑ. අත්අඩංගුවට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය, දැන් නිදහස්, හැමදාම පාස්කු කොමිසමේ එකෙනකාට ඇඟිල්ල දික් කරන නාට්‍යයක් තමයි අපි දැක්කේ, ඒ නිසා කාදිනල්තුමා කරුණාකර මේ විමර්ශනයට විදේශ රටවල්වල විමර්ශන ඒකකයක් සහයෝගය හෝ UN එකේ සහයෝගය ලබාගන්න.. එ්කයි කළයුත්තේ...
ගරු කාදිනල්තුමනි, දැන් කොච්චර කල්ගත වුණාද? කල් නොදමා විකල්පයකට කඩිනමින් යන්න.
හොරාගේ අම්මාගෙන් පේන අහලා කුමටද ගරු කාඩිනල් උතුමාණෙනි...
පාස්කු ප්‍රහාරය ගැන කියවුණු කතා අතර සහරාන්ලාට පඩි ගෙවලා බුද්ධි අංශවලට බන්දගෙන ඔවුන්ට කොළඹින් කාර්යාල දාගන්න ඉඩම් දීපු ඒවා ගැන කතා තිබුණා. මේ පාස්කු කොමිසම හැම අලගිය, මුලගිය තැනක්ම හෙව්වත් ඒවා ගැන මේ වෙනකන් කිසිම දෙයක් විමර්ශණය කළේ නෑ. පාස්කු බෝම්බෙන් වාසි ලැබුණු අය ගැන අද වෙනකන් විමර්ශණයක් නෑ.
ඡන්දෙ ගන්නකම් තමයි.. පාස්කු ප්‍රහාරය, මහබැංකු කොල්ලය, ටොප් ටෙන් හොරු ජනතාව හැමදාම මේ ගොල්ලොම ගොනාට අන්දන එක තමයි කරන්නේ..
අගරදගුරුතුමෝ, දෙවියන් වහන්සේ නම් වැරදි වලට සමාව දෙනවා නේද?
මේ දෙගොල්ලොම කාසියේ දෙපැත්ත. ඔබ වහන්සේට ඒක තේරුම් ගන්න බැරිවෙච්ච එක ගැන කණගාටුයි. කාටත් දඬුවම් ලැබෙන්නේ නැහැ. ටෙලි නාට්‍යයක් වගේ ඉස්සරහට ඇදගෙන යයි. ඔන්න තිත්ත ඇත්ත.
අගරදගුරුතුමෝ... මේ 20වැනි සංශෝධනයෙන් පසු කාලයයි. 2/3කුත් තියෙනවා. අපිටත් ඉතින් විකල්ප අනුගමනය කරන්න පුළුවන්.
හොරාගේ අම්මගෙන් පේන අහන්න ගිහින් පේන කියවන්නේ නැතිව විකල්ප හොයනවා. අපිත් ආසයි ඔබතුමාගේ විකල්පය දැනගන්න.
මිය ගිය පුද්ගලයාට නැවත ජීවය ලබාදිය නොහැක. මේ මන්ත්‍රීවරයා අප්‍රේල් 21 ප්‍රහාරය ගැන කිසිවක් කිව්වේ නැහැ. කාඩිනල්තුමාවවත් මුණගැහුණේ නැහැ මේ ගැන කතා කරන්න.
මේකට තියෙන එකම විකල්පය මේ ආණ්ඩු දෙක ආයෙ පත් නොවෙන තැනට වග බලා ගන්න එක.
මේක හරියට අර පොඩි ළමයි කරන නයා සෙල්ලම වගේ. උඩටම, ළඟටම ගිහින් බලෙන්ම නයා දාගෙන ආයිම මුලටම එනවා. එපිසෝඩ් 300 - 400 මෙගා ටෙලි එකක් වගේ. නව නළු රසයම තියෙනවා. හැබැයි දැන් කතාව කොතනද තියෙන්නේ කියලාවත් මිනිස්සුන්ට මතක නෑ. නමුත් කතාව යනවා දිගටම, ටෙලියේ විත්තිය කියනවා ඇහෙනවා නඩු කාරයට එයාගෙන් අහන්න ඕනෑ ප්‍රශ්න හිටන් මොනවද කියලා. නඩුවේ ප්‍රශ්න අදාලද නැද්ද කියලා තීරණය කරන්නේ, පළවෙනි විත්තිකාරයා. මේක අමුතුම ටෙලියක්. මෙහෙම ටෙලියක් ඉන්දියාවේවත් නැතුව ඇති. කිසිම දේශපාලඥයෙක් මේකට ගෑවුනා කියලා අවසානයක් වෙන්නේ නෑ කවදාවත්... දැනටම කොහොමද ඉවර කරන්නේ කියලා ෆයිනල් එපිසෝඩ් හදලා ඇති. මෙතුමා තමන්ගේ ජනකොටස ගැන හොයන බලන කෙනෙක්. ඒක ඉතාම හොඳ දෙයක්. වෙලාවකට හිතෙනවා බෞද්ධ අපිට කවුරුත්ම නෑ නේද කියලා...
ඔයාගෙ පූජකයින් උතුරේ කොටි සිහිකරන්නේ විකල්ප හොයන්නද? ඔහේලගේ ඔය සුදු ලෝගුවල සෑහෙන ලේ තැවරිලා තියෙනවා. ඇත්ත දැනගන්න කැමැති අය කොටි ඉතිහාසේ හොයලා බලන්න. එහෙම අමාරු අය මෑත කොටි බේරන්න ආපු රටවල් හොයලා බලන්න. නොර්වේ, එංගලන්තෙ, ප්‍රංශය, ජර්මනිය..
ටූල් සෙට් එකේ අවුලක්ද මන්දා..
අගරදගුරුතුමාට විතරක් නොවේ.. ඕන කෙනෙකුට තේරෙනවා නන්දසේන ඇතුළු මේ රජය අධිකරණයෙන් කරගන්නේ තමන්ගේ මිනිස්සු ටික නිදහස් කරගන්න එක විතරයි කියලා.. ඒක නිසා තවදුරටත් තමන්ව රවටාගන්න එපා. එක වැඩක්වත් හරියට වෙන්නේ නැහැ.. ඒක සහතිකයි.
සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදුවේවි කියලා අපි හිත හදා ගමු පියතුමනි.
මොනවා වුණත්, ඔබ වහන්සේ වැනි අාගමික නායකයකු ලබන්න බෞද්ධ අපට පින් මදි වෙන්න ඇති. ඒ අතින් කිතුණු ජනතාව වාසනාවන්ත බවයි පේන්නේ. ලක්ෂ ගණනින් මුදල් ගෙන මේකප් පාරක් දාගෙන බෞද්ධයන් රවටන ව්‍යාජ රහතන් වහන්සේලා ඇතුළු කාම සුඛල්ලිකානු යෝගයෙන් උපරිම උඩට ගොස් අපූරු ක්‍රමයකට රහත් වීමට දඟලන ඇතැම් චීවරධාරීන් ට වඩා ඔබවහන්සේ සැබැවින්ම උසස් ය. නීත්‍යානුකූල බලයක් නොමැති, දේශපාලන බලය පමණක් ඇති ඇතැම් විශ්‍රාමලත් විනිසුරුවන් දමාගෙන කරගෙන යනු ලබන සමහර සෙප්පඩ විජ්ජාවන් කෙරෙහි විශ්වාසය නොතබා කිතුණු ජනතාවත් සමග එකතුවී නිසි අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්න.
කාඩිනල් තුමා.. යාපනයේ කතෝලික පූජකයන් කොටි සමරනකොට ඔය සද්දෙ අපි දැක්කේ නැහැනේ. කොටි යුද්ධය කාලේ කොටින්ට උදව් කරපු ඔය කොටි පැරදුණාම ඩෙඟා නටනවා.
පැනික් වෙන්න එපා... ඕක කලේ කවුද කියලා දන්නෝ දන්නවා...
ශ්‍රී ලංකාවේ කෙළින් කතා කරපු එකම ආගමික නායකයා තමයි මැල්කම් රංජිත් පියතුමා.
ඔබ වහන්සේගේ අදහස් අප හදවතින්ම අගයන්නෙමු. අප බෞද්ධයෝ වන්නෙමු. ඕනෑම ආගමට අදාළ අන්තවාදී අදහස් ඇති "වල් ඌරන්" සිටින බව නොරහසකි. වෙනත් පුද්ගලකුගේ ජීවිත නැති කිරීම තමන්ට දිව්‍ය ලෝකේ සුරංගනාවියන් ළඟටම ළඟාවිය හැකි යන ගොන් විශ්වාසය ඇති මෙවැනිම අය අද ලොව කොතරම් ඇද්ද...?
මං මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ.... ඔබ මුලා වෙලා...
අගරදතුමනි, සිංහල බෞද්ධ අපිත් මොවුන්ට උපරිම දඬුවම් දෙන්න කියා ඉල්ලනවා. වාහනයක මිනිහෙක් හැපිලා මැරුනොත් හිරේ දාන්න කියලා අපි ඉල්ලනවා. නමුත් රටේ පවතින නීතියක් තිබෙනවා ඒ නීතියට අනුවයි දඬුවම් ලැබෙන්නේ. වාහන එලවූ තැනැත්තාට ඇප ලැබී ගෙදර යනවා. හැඟීම්වලට අනුව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් අධිකරණයෙන් බේරුණත් අපිට හා ඔබට ඔවුන්ට දෙන්න පුළුවන් දඬුවම තමයි ඔවුන්ගේ මුළු ජාතියම වර්ජනය කිරීම... ඔබතුමා එයට ලැහැස්ති නැහැ නේද? එහෙනම් ඔබතුමාත් හදන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන්න. දේශපාලුවෝ නොවෙයි නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණයයි. අධිකරණ තීන්දුව රජයට වුවමනා විදිහට වෙනස් කරගන්න පුළුවන් රන්ජන්ලා වගේ අයට පමණයි...
කාදිනල්තුමනි, විනාශයක් වෙනබව දැනගෙනත් එ් බව ඔබතුමාටවත් නොකීම ප්‍රහාරයට සහයෝගයක් දීම බවයි අපිට පෙනෙන්නේ.... එහෙම නම් එවැන්නන් තියාගෙන පෝෂණය කරන දේශපාලන පක්ෂ හා නායකයින් වර්ජනය කරන්න...
දීපු පොරොන්දු නෙවෙයි.., දැන් ප්‍රශ්නේ හිරේ ඉන්න මරණ දඬුවමට කැපවූ අය නිදහස් කරගන්න එකද? ඒවනේ අද මන්ත්‍රීවරු කතා කරන්නේ... ජනමතය විකෘති කරගෙන මෙයාලගේ ඕනෑ එපාකම් ටික තමයි කරගන්න යන්නේ...
මෙය ඉතා හොඳ කතාවක්... රජය මේ ගැන අවදානය යොමුකළ යුතුයි.
කාදිනල් තුමා ඔය කියන විදිහට ගියොත් නොබෝ කලකින් දෙවියන් වහන්සේව නොබෝකලකින් මුණගැසෙන්න ලැඛෙවි.
ඔබ වහන්සේ ඔය විකල්පය හොයනවා කියන්න බෝම්බය පිපුරුණු දවසේ ඉඳන්. ඒ නිසා හොරුන්ගේ අම්මලාගෙන් පේන අහලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ව බෝම්බ පුපුරවා ගත්තා කියලා හිතාගෙන ඉමු. එච්චරයි.
20 තියෙන්නේ ඔබ වහන්සේ බලාගෙනයි ... අපිට ඔබ වහන්සේ ඔනෑ...
මියගිය සියලු දෙනා වෙනුවෙන් පැන් වඩලා සාංඝික දානයක් දීම හැර කළහැකි වෙනත් විකල්පයක නම් මට නම් නොතේරෙ...