(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය ඔක්තෝබර් 31 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය.
පාර්ලිමේන්තුව විසින් ඉකුත් මැයි 22 වැනිදා පත්කළ මෙම කාරක සභාවේ කාලය අගෝස්තු 23 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.
පසූව එහි කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරනු ලැබිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ වන විට ඒ හමුවේ සාක්ෂි ලබා දී තිබේ.
එහි කාලය දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කල්මැරීම විතරයි.