
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයන්ට වන්දි ගෙවීම පිළිබඳ සවිස්තර වාර්තාවක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අද නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි ගෙවා ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය දැනුම් දුන්නේ එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් පෙත්සම් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය අමතමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අනුව රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු මැති ඇමතිවරුන් 43 දෙනකු ව්‍යාජ තක්සේරු වාර්තා ඉදිරිපත් කර රුපියල් බිලියන 1.2 ක මුදලක් වන්දි ලෙස මහ භාණ්ඩාගාරයෙන් ලබා ගෙන. හැබැයි පාස්කු ප්‍රහාරයෙන් 300 කට ආසන්න ගණනක් මියගිහින්, තවත් සිය ගණනක් තුවාල වෙලා, අදටත් ඒ සමහරු ඇඳන් උඩ පණ අදිනවා, මේ ඔක්කොටම කෝටි 24.5 යි (මිලියන 245 යි). කොහොමට බෙදිල්ලේ රඟේ? රටේ අතලොස්සක් මෙතන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.
ශ්රී මහා බෝධිය මළුවේ මරාදාපු අහිංසක බෞද්ධ ජනතාවට කෝටි කීයක් වන්දි දුන්නාද?