IMG-LOGO

පාස්කු ගෙවූ ඇති අයුරු කාදිනල් තුමන්ට පෙන්වන්න

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයන්ට වන්දි ගෙවීම පිළිබඳ සවිස්තර වාර්තාවක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අද නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි ගෙවා ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

පෙත්සම් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය දැනුම් දුන්නේ එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් පෙත්සම් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය අමතමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අනුව රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි කීවාය.

 



අදහස් (2)

පාස්කු ගෙවූ ඇති අයුරු කාදිනල් තුමන්ට පෙන්වන්න

පිටරටවැසියා Thursday, 27 February 2025 07:10 PM

හිටපු මැති ඇමතිවරුන් 43 දෙනකු ව්‍යාජ තක්සේරු වාර්තා ඉදිරිපත් කර රුපියල් බිලියන 1.2 ක මුදලක් වන්දි ලෙස මහ භාණ්ඩාගාරයෙන් ලබා ගෙන. හැබැයි පාස්කු ප්‍රහාරයෙන් 300 කට ආසන්න ගණනක් මියගිහින්, තවත් සිය ගණනක් තුවාල වෙලා, අදටත් ඒ සමහරු ඇඳන් උඩ පණ අදිනවා, මේ ඔක්කොටම කෝටි 24.5 යි (මිලියන 245 යි). කොහොමට බෙදිල්ලේ රඟේ? රටේ අතලොස්සක් මෙතන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.

:       11       26

ජගත් Thursday, 27 February 2025 09:27 PM

ශ්‍රී මහා බෝධිය මළුවේ මරාදාපු අහිංසක බෞද්ධ ජනතාවට කෝටි කීයක් වන්දි දුන්නාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 194 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 348 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 687 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site