(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ගඩොල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා වාකරේ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මොවුන් දෙදෙනා අතර හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් පසු සැකකාර පොලිස් කොස්තාපල් රියදුරා ගඩොල් කැටයක් ගෙන එයින් වැරෙන් පොලිස් කොස්තාපල් වරයාට දමා ගසා ඇතැයි පොලිසිය කියයි.
අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ගෙන යන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්පැවසීය.
වාකරේ පොලිසිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පීසී ට ගඩොලකින් ගැසූ පීසී අත්අඩංගුවට
චමින්ද Tuesday, 08 August 2023 10:56 AM
පොලිස් කාරයෝද මනුෂ්‍යයෝය
Bunny Preena Tuesday, 08 August 2023 02:24 PM
පීඩාකාරි පීඩනය මුදා හැරීමක් වත්ද ?