
(දයාරත්න ඇඹෝගම)
දුටුවැව පාර කපුගොල්ලැව හොරොව්පතාන පිහිටි පදවි රක්ෂිතයක අනවසරයෙන් පස් කපමින් සිටි විශ්රාමික ග්රාම නිලධාරිවරයකු ස්කෙයාවෙටර් වර්ගයේ බර වාහන යන්ත්රයක් සහ ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලය පවසයි.
මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දුටුවැව පාර,කපුගොල්ලෑව ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි විශ්රාමික ග්රාම නිලධාරිවරයෙකි.
මෙම විශ්රාමික ග්රාම නිලධාරිවරයා ඇතුළු පිරිසක් මෙම පදවි රක්ෂිතයේ අනවසරයෙන් පස්කපා ඒවා අලෙවි කරන බවට යුද හමුදා බුද්ධි නිලධාරින් විසින් ලබාදුන් තොරතුරකට අනුව කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදුකොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd