
(අංජුල මහික වීරරත්න)
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ දක්වා නොලැබුණු එම ගරුත්වය නව රජය පවුල් සෞඛ්‍ය සේවාවට ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ජාතික සමුළුව අමතමිනි.
“රට වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට උරදෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ජාතික සමුළුව“ යන තේමාව යටතේ සංවිධානය කර තිබුණු මෙම සමුළුව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියට දරුවන් වදා නිවෙස් වලට කොටු වූ මවුවරුන් වෙනුවෙන් කුමක් හෝ කරමු.