
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ලබා ලබාදීම සඳහා රැස් කරන ලද පවුල් ලක්ෂ තුනක පමණ දත්ත අස්ථානගත වී තිබෙන බවට ආරංචි ලැබී තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
එය සිදුවූයේ කෙසේදැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනවිය දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියත් ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව ද කීවාය.
නිර්ණායක විසිදෙකක් අනුව දත්ත එකතු කළ යුතුව තිබෙන බවද දත්ත එකතු කිරීමේ දී යම් ප්‍රශ්නයක් ආවා ද?දත්ත අප්ඩේට් කිරීමේ ක්‍රමවේද දෙපාර්තමේන්තු වල තිබෙනවාදැයි අමරසූරිය මෙනවිය කීවාය.
ජන සවිය ,සමෘද්ධිය ආදී සියල්ල දේශපාලනීකරණය වීම නිසා හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි ද සුභසාධක වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් එය දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතු යැයි ද අමරසූරිය මෙනවිය පැවැසුවාය.
සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් වන වැඩසටහන් වල දැනටත් දේශපාලනය පෙනෙන්නට තිබෙන බවද අස්වැසුම වැඩසටහනත් විකෘතී නොවන්න ගෙන තිබෙන පියවර මොනවාදැයි අමරසූරිය මෙනවිය ප්‍රශ්න කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd