(ඩී.ජී.සුගතපාල ,සුමතිපාල දීයගහගේ)
ගාල්ල කරාපිටිය රෝහල අසල රැඳී සිටි දෙදෙනකු පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වංචාවල මීගොඩ පදිංචිකරුවකු වන 21 හැවිරිදි තරුණයෙකි.
අක්මිමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු ඊයේ රාත්‍රි 11.30ට පමණ පොලිස් යතුරු පැදියෙන් දක්ෂිණ අධිවේගි පිවිසුම් මාරගයේ නුගදුව සිට අක්මිමණ දෙසට ගමන් කරමින් සිටියදි ස්කුටි වරගයේ යතුරු පැදිකින් පැමිණ දෙදෙනෙකු මාරගයේ නතරකරගෙන සිටියදි පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇත.
එවිට යතුරු පැදිය පණ ගන්වා පලා යාමට උත්සාහ කල අවස්ථාවේ පොලිස් නිලධාරින් යතුරු පැදිය නතර කිරිමට සුදානම්වු විට යතුරු පැදියේ පසු පැදිකරු පොලිස් නිලධාරින් සමගපොර බැදිමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ තුවාල ලබා ඇති පුද්ගලයා යමක් අතට ගෙන පොලිස් නිලධාරින් දෙසට වීසි කිරිමට උත්සාහ කර ඇති බවත් ඒ සමගම පොලිස් නිලධාරියෙකු රාජකාරි පැති අවියෙන් වෙඩි තැබිම සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
එම අවස්ථාවේ යතුරු පැදි පදවාගෙන පැමිණ ඇති වංචාවල මීගොඩ පදිංචි 18හැවිරිදි තරුණයා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පසුව තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ වම් හක්කට වැදි ඇති උණ්ඩයක් දකුණු හක්කෙන් පිටව ගොස් ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd