(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අවිස්සාවේල්ල රෝහල අතර අසල මාර්ගයේ රැඳී සිටි 18 හැවිරිදි තරුණයකු පෙරේදා 14 වෙනිදා සවස කාලයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු විසින් යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

මෙසේ පැහැරග ගෙන ගිය තරුණයා ගෙල බැඳී  රුපියල් තුන්ලක්ෂ පනස් දහසක් වටිනා රන් මාලය කඩාගෙන එම තරුණයා සතුව තිබූ රුපියල් 600ක මුදලක් ද පැහැරගෙන ඔහු අතරමගදී අතහැර දමා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියේ නැගී පලාගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා මේ බව අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම තරුණයා පැහැරගෙන ගොස් ඔහුගේ රන් මාලය සහ මුදල්කොල්ල කා පලාගිය පලා ගිය පුද්ගලයින් දෙදෙනා ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

අවිස්සාවේල්ල පොලිසියේ  අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු  කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වා ගෙන යති.