
(කේ බුද්ධික කුමාරසිරි)
ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ තුනක් ද සමගින් ඊයේ (29) රාත්‍රි අත් අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
බොරලස්ගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දල්පදාතු ඇතුළු කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී පොලිසිය දැක පලා යාමට තැත් කළ පුද්ගලයෙකු පරික්ෂා කිරීමට සැරසුණු අවස්ථාවේදී සැකකරු සතුව තිබූ මෙම ගිනි අවිය පොලිස් නිලධාරීන් දෙසට එල්ල කර ඇති බවත් එම අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් දරා පොලිස් නිලධාරීන් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
එම ස්වයංක්‍රීය ගිණි අවිය සමග ජීව උණ්ඩ තුනක් ද සොයා ගැනීමට හැකිව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් සෝදිසි කිරීමේදී සැකකරු හැඳ සිටි ඇඳුම් මේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 18 ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 200 ක්ද හමු වූ බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd