IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිසියට බයේ දුවපු අයෙක් වැටී මරුට

(ගයාන් සූරියආරච්චි)

තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිදන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලූ අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පලාගොස් තිබූ අතර  එක් සැකකරුවකු බිම වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 56 ක් වන රණසිරිපුර, වීරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.

පුද්ගලයන් පිරිසක් තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ නිදන් හාරන බවට ලද තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිට පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ දී නිදන් හාරමින් සිටි සැකකරුවන් පලාගොස් තිබුණි.

පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සoහා පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැද ගිය අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි මීටර් 100ක් පමණ දුරින් වැටී සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු මියගොස් ඇති බව පොලිසිය පැවැසීය.

අනතුරුව පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී මියගිය පුද්ගලයාගේ පුතා පවසා ඇත්තේ මියගිය පුද්ගලයා කලක පටන් හෘදයාබාධයකින්  පෙළී ඇති බවය.

නිදන් හෑරූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන අතර තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

පොලිසියට බයේ දුවපු අයෙක් වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site