(ආනන්ද ඉ ජයකොඩි)
පහරදීමක් හා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පවසයි.
ඌරාපොල ප්‍රදේශයේ පදිංචි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු එසේ අත් අඩංගුවට ගෙන ඇත.
ග්‍රාම සේවා කාර්යාලයක් පවත්වා ගෙන යන නිවසකට පැමිණ එහි සිටි එක් දරු මවකට පහර දී ග්‍රාම නිලධාරිනියකගේ ජංගම දුරකථනයක් ද පොළොවේ ගසා කුඩු කර , අත්තනගල්ල පොලීසියට කඩා වැදී එහි ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහු මාරු කර යවන බවට තර්ජනය කළැයි මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයාගේ නිවසට පසුගිය 09 ගල් ගසා අලාභහානි කළ පුද්ගලයින් පිරිසක් ඇප මත මුදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන මන්ත්‍රීවරයා මෙලෙස හැසිරිඇතැයි පොලීසිය කියයි.
පහරකෑ කාන්තාව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට අත්තනගල්ල පොලීසියට ගොස් සිටියදී මන්ත්‍රීවරයා පොලීසියට ද කඩා වැදී ඔහුගේ නිවසට ගල් ගැසූ පුද්ගලයින්ට ඇප දුන්නා නේද යැයි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාටද ඉතාමත්ම අසභ්‍ය ලෙස පරුෂ වචනයෙන් බැන වැදී වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහුව මාර යවන බවට තර්ජනය කර කළ බවද පොලීසිය කියයි.
අනතුරුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලීසියට පාට් දැමූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී
ravin Thursday, 26 May 2022 12:08 PM
ඒ පැත්තේ කවුරුත් එහෙම නැද්ද? පුළුවන්නම් බේරෙපැත්තට එවන්න. කෝපි කෝප්පයක් පොවලා එවන්න. මේ දවස්වල වැස්ස හින්දා සෑහෙන කුණු පාවෙනවා.
දාස Thursday, 26 May 2022 02:16 PM
මේ රාජපක්ෂලා මෙරට ඇතිකළ සංස්කෘතියයි..!!
Bunny Preena Thursday, 26 May 2022 02:45 PM
ඔය රස්තියාදු කාරයාට බේරෙ වැවේ නාන්න අවස්ථාවක් වත් ඇතිවෙලාද දන්නේ නැහැ.