
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (8) දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කළේය
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි නීතිඥ නිමේෂා දුෂානි වානගුරු (27) ඇයගේ සැමියාවන වීරතුංග ජයවර්ධන තුමේෂ් ගිහාන් කාංචන (27) දොන් අසේල හේමන්ත වානගුරු (නීතිඥවරියගේ පියා) නැගණිය වන රුවිෂානි කමේශි වානගුරු (24) යන අයවලුන්ය.
සැකකාර නීතිඥවරියගේ පියා පෙරේදා පෙරවරුවේ පොල්ගස්ඕවිට දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් මෝටර් රථය නවතා තිබියදී එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථයක් රියදුරුගේ ග්‍රහණයෙන් මිදී මඳක් ඉදිරියට පැමිණ මෝටර් රථයේ පිටුපස ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී ටිපර් රථ රියදුරුද ටිපර් රථයෙන් බිමට බැස ඇති අතර මෝටර් රථ රියදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනෙකු ද ඒ සමගම මෝටර් රථයෙන් බිමට බැස රියදුරුට දොස් පවරමින් ඔහුව වට කරගෙන ඇති අතර කාන්තාවන් ටිපර් රියදුරුව අල්ලාගෙන සිටියදී මෝටර් රථ රියදුරු ඔහුට පහර දී තිබේ.
අනතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සැරයන්වරයා එම ස්ථානයට පැමිණ ටිපර් රියදුරට පහරදීම සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු ද අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටිපර් රියදුරද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී යතුරුපැදියකින් සැමියා සමග පැමිණ තිබූ නීතිඥවරිය සැරයන්වරයාගේ නිල ඇඳුමේ කොළරයෙන් අල්ලා " මම ලෝයර් කෙනෙක් තමුසෙ කොහොමද මගේ තාත්තව අරන් යන්නේ තමුසෙට මගේ තාත්තව අරගෙන යන්න දෙන්නේ නැහැ " යයි පවසමින් පරුෂ වචනයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ තරහා සාධාරණයි. ටිපර්, ත්‍රි රෝද රථ, බයික්, බස් නම් දැන් මාර කරුමයක්... වෙන මනුස්සයෙක්ට හරියට පාරේ යන්න බෑ... කොහෙන් හරි රිංගලා යන්න බලන්නේ...!
ලෝයර්ලා දොස්තරලා සංගම් අටවාගන්න පටන්ගත්තට පස්සේ හෙන චන්ඩි වෙලා. ඉස්සර කොච්චර වැදගත් විදියට හැසිරිච්ච මිනිස්සුද?
නීතිඥ වෘත්තියේ සිටි පමණින් නීතිය අතට ගන්න කිසිවකුට අයිතියක් නැත. මොවුන්ට විරුද්ධව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න.
නීතිය දැනගත්තාට මොළේ ඉතිරි ප්‍රදේශ සංවර්ධනය වෙලා නෑ. වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ මෙවැනි උගතුන් තමයි...
වාහනයක් රක්ෂණය කොට මහා මාර්ගයට දමන්නේ ඔවැනි ගැටුම් අවම කිරීමට හා අනතුරු වලින් හානි වුණු වින්දිතයින්ට වන්දි ලබා ගැනීම පිණිසයි. ලෝකයේ දියුණු රටවල වාහන රක්ෂණ නීති ක්‍රමවේදයන් නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ වන්දි ලැබෙන නිසා අනතුරකදී කිසිදු ගැටුමක් හෝ ගැටළුවක් ඇති නොවෙයි.. ඒත්, ලංකාවේ මරණයක් සිදු වුණත්, රක්ෂණ සමාගම් වලින් වන්දි ගෙවනවාද..? ජීවිත හානියකදී රුපියල් ලක්ෂයක් ලබා ගන්නත් වින්දිතයින් නඩු කියන්න වෙනවා... මේ අසාධාරණ රක්ෂණ සමාගම් වලට එරෙහි වෙන්න ලංකාවේ බල්ලෙක්වත් නැහැ... ඒ නිසා අනතුරකදී එකිනෙකා මරාගෙන අපි අපේ ප්‍රශ්න විසඳා ගනිමු.
අධිකරණයට මගේ උත්තමාචාරය...
ලෝයර් කියන්නේ ඒ ගෑනි හිතන්න ඇති... ලොකු ජොබ් එකක් කියලා ඒකි දන්නේ නෑ... ඔවුන් සල්ලි වලට ඕන බලු වැඩක් කරන ජාතිකයින්නේ...
ලෝකයේ දියුණු රටවල් කරන ආකාරයට නීති කඩන, පෙරකදෝරුවන්ට සහ පොලිස් නිලධාරීන්ට දෙන දඬුවම දෙගුණයක් කරන්න ඕනේ... මොකද ඔවුන් නීතිය හොඳින් දැන දැනම නීතිය කඩන නිසා සහ ඔවුන්ගේ මූලික වගකීම් වලට නීතිය ආරක්ෂා කිරීමත් ගණන් ගැනෙන බැවින් සහ ඔවුන් තම රක්ෂාව ආරම්භ කිරීමට ප්‍රථම නීතිය ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දුවක් දෙන නිසා, මේ නඩුව ජර්මනිය වැනි රටක ඔප්පු වුණොත් පෙරකදෝරු නෝනට මින් ඉදිරියට පෙරකදෝරුකම කරන්න වෙන්නේ නැහැ..