IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

(සිතුම් චතුරංග)

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදුන් එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව ධර්මපුරම් පොලිසිය කියයි. 

පහරදීම් සිද්ධියක් සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි තමන්ට වාසිදායක ලෙස කඩිනමින් විසදා දෙන ලෙසට කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. ඩි. එන් චතුරංග මහතා වෙත බලපෑම් කරමින් සැකකාර පුද්ගලයා පන්දහසෙ මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක්තුළ රුපියල් පනස්දහසක මුදල ස්ථානාධිපතිවරයාගෙ මේසය මත තබා අ‍ැති බවද පොලිසිය සඳහන් කළේය. 

සැකකරු හට විදේශගතවීමටත් අවශ්‍ය බැවින් පැමිණිල්ල තමන්ට වාසිදායක ලෙස විසදා දෙන ලෙසට පොලිස් නිලධාරීන් වෙතද බලකර අ‍ැති බවත් මුදල් ලබාදෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසීය. 



අදහස් (2)

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

බකල ජයා Monday, 31 March 2025 11:57 AM

කවුද පොලිසියෙ ඔක්කොම නරකයි කියන්නේ! දැන් ඔප්පු වෙනවනේ මේ වගේ අය එක්කෙනෙක්, දෙන්නෙක් හරි ඉන්නවා කියල ...

:       0       5

kamal Monday, 31 March 2025 01:08 PM

ඒ මනුස්සයාගේ ඉල්ලීම අතිශය සාධාරණයි අවුල තියෙන්නේ අල්ලස් දීමයි

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1654 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 648 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site