
(අජන්ත කුමාර අගලකඩ)
බත්තරමුල්ලේ ඉකුත්දා පැවැති ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නියෝජිතයන් පොලිසිය මැදිහත්ව නිරෝධනයට යොමුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි.ජගත් කුමාර මහතා අතර මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.
මෙම උද්ඝෝෂණයට පොලිසිය මැදිහත් වු ආකාරය වැරදි බවට ජගත් කුමාර මන්ත්‍රීවරයා මීට පෙර කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් සරත් වීරසේකර ඇමතිවරයා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අදහස් දක්වා ඇත .
මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය පොලිසිය අධෛර්යයට පත් කිරීමක් බැවින්, තමා එය හෙළා දකින බව සරත් වීරසේකර මහතා එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
පොලිසිය උද්ඝෝෂණය මැඩපැවැත්වීමට මැදිහත් වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීමක් මත බව ද සරත් වීරසේකර මහතා එහිදී පවසා ඇත .
සරත් වීරසේකර මහතාගේ චෝදනාවට පිළිතුරු දී ඇති ජගත් කුමාර මහතා පොලිසිය එම උද්ඝෝෂණයට මැදිහත් වූ ආකාරය වැරදි බව තමා අදත් ප්‍රකාශ කරන බව සඳහන් කර ඇත .
පොලිසිය අනවශ්‍ය ආකාරයට ආණ්ඩුව රැකීමට යාමෙන් ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව ඔහු සඳහන් කර ඇත.පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ද පොලිසිය අනවශ්‍ය ආකාරයට ආණ්ඩුව රැකීමට යාම නිසා අවසානයේ ආණ්ඩුවත් පොලිසියත් දෙකම විනාශ වූ බව මන්ත්‍රීවරයා පවසා ඇත .
යහපාලන ආණ්ඩුව සමයේ උද්ඝෝෂණ පන්සියයක් පමණ සිදු වූ බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා වෘත්තිය සමිති නායකයකු ලෙස තමා ද ඉන් සියයකට පමණ සහභාගි වූ බව සඳහන් කර ඇත .
ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය අරගලවලට ඉඩක් තිබිය යුතු බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා වෘත්තීය සමිති නායකයකු ලෙස තමන්ට අඩුපාඩු පෙන්වා දීමට නොහැකි නම් මන්ත්‍රීධූරයේ සිටිමෙි තේරුමක් නැති බවද සඳහන් කර ඇත .
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව දෙදෙනා අතර මත ගැටුම දුරදිග යාම වළක්වා ඇතැයි වාර්තා වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සැබවින්ම නිරෝධායන කියාවලිය අවභාවිතයක්. එය සද්භාවයෙන්ම කලා නම් ඒ පොලිස් නිලධාරීනුත් ඒ එක්කම නිරෝධායනයට යායුතුයි මොකද ඔවුන් ආරක්ෂිත ඇඳුම් හා උපාංග නොමැතිව විරෝධතා කරුවනිට නිරාවරණය වූ බව මුළු ලෝකය විද්යුත් මාධ්‍ය වලින් දැක්කා.
සරත් වීරසේකර මහතාණනි හරි උනත් වැරදි උනත් පස්සට යන්න එපා. ඉල්ලම් නැත නියෝග පමණයි යන සංකල්පයේ සිටින්න.
ජගත් මහතාට යථාර්ථය දකින්න පුළුවන් වුණාට සරත් වීරසේකරට සත්‍යය අවබෝධ කරගන්න කැමැත්තක් ඇත්තේම නැහැ. වීරසේකර මහතා ගැන සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් සත්‍ය බව දැන් දැන් වැටහේ...
කොරෝනා කාලේ බොරු පැමිණිලි දාන කාන්තාවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. කාන්තාවක් වූ පමණින්, වැදගත් රැකියාවක් කළ පමණින්, පොලිසියකට පැමිණිල්ලක් කළ විගසින් එය සත්‍ය යයි සිතා අනෙකාව රිමාන්ඩ් කිරීම හෝ බැණවැදීම් නොකර, මෙය ඇත්තක්ද, නැත්තක්ද, යන්න සොයාබලා කටයුතු කරන මෙන් සියළුම පොලිසිවලට දැනුවත් කිරීම කළයුතුව ඇත. විශේෂයෙන්ම නඩුහබ තියෙන කාන්තාවන් සහ නඩු දැමීමට බලාපොරොත්තු වන අය සැලසුම්කර මෙවැනි පැමිණිලි දාන්න පුළුවන් බව පොලිසියේ මහතුන්ට දැනුවත් කළ යුතුයි.
මෙම ඇමැතිවරයා කොපමණ නිවැරැදි දෙයක් කිව්වත් පිළිගන්නේම නැති බව ජනමතය විමසුවොත් බලන්න පුලුවන්...