(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු 15 කු අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලිසිය කියයි.
එම සැකකරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි.
කිසිදු සැකයක් ඇති නොවන පරිදි දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවත් ඊට අමතරව රාත්‍රී කාලයේදී විවිධ ප්‍රදේශවල අපරාධ සිදුකර දුම්රියෙන් ගමන් ගන්නා බවට ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු .පි. එස්. ප්‍රියන්ත මහතා ට ලද තොරතුරකට අනුව ඒ මහතාගේ මඟ පෙන්වීම මත දුම්රියෙන් පැමිණ ගනේ මුල්ලේ ,යාගොඩ හා මුළුගහගොඩ දුම්රිය ස්ථානවලින් බැස යන පුද්ගලයන් ඉලක්ක කර ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව ඊයේ අලුයම් කාලයේ සහ සවස් කාලයේ එම දුම්රිය ස්ථානයන් ඉලක්ක කරගෙන වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් 15 කු ගෙන් පිරිසක් හා ගනේමුල්ල පොලිසියේ නිලධාරීන් 20 සමන්විත පිරිසකගෙන් සමන්විතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු .පි. එස්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති