IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ හිටපු ලොක්කෙක් ගිනි අවියක් අහුලා පොලිසියට බාරදීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

82 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු  යාබද ඉඩමේ තිබී ඇහුලු බව පවසමින් පිස්තෝලයක් සහ ජිව උණ්ඩ 24  අඩංගු මැගසිනයක් මොරටුව පොලිසිය වෙත භාරදී ඇතැයි ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙලෙස භාරදී ඇත්තේ චෙකොස්ලොවැකියාවේ රටේ නිෂ්පාදිත එන් 146338 දරණ මොඩල් 75 වර්ගයේ පිස්තෝලයක් හා නයින් එම් එම් වර්ගයේ ජිව උන්ඩ 24 ක් සහිත මැගසිනයක් ය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසට යාබද හිස් ඉඩමේ මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ මෙන්ම මැගසිනයක තිබු බව පොලිස් අධිකාරීවරයා පවසා ඇත.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මිත්‍රයකු මාර්ගයේ ගමන් කරමින් සිටියදී තරුණයන් පිරිසකගේ දුරකථන ඇමතුමට සවන් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථනය හරහා දැනුම් දීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ගිනි අවිය සහ ජීව උණ්ඩ සහිත මැගසිනය හමුවී ඇති බව පොලිසිය කියයි.

 

 



අදහස් (3)

පොලිසියේ හිටපු ලොක්කෙක් ගිනි අවියක් අහුලා පොලිසියට බාරදීලා

Saman Friday, 30 June 2023 09:32 AM

හරි ලස්සනට කතාව ගොතලා තියෙනවා. පොලිසියෙන් දෙන තෑගි ගන්න පොලිස් ලොක්කෝම වැඩ පටන් අරන්...

:       1       1

Chiami Friday, 30 June 2023 09:49 AM

මෙන්ටල් ලොක්කො, වෙන කවුරුහරි හරිනම් ඒ් මිනිහගාව තියාගන්නව සැලියුට් සර්.

:       0       4

mohan Friday, 30 June 2023 12:46 PM

මෙන්න පොලීසයේ නම් ගෙනියන්න වැඩ කාරයො. ජය වේවා ඒතුමට.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site