
(එම්.සුසිල් පියන්ත, ඩී.ජී.සුගතපාල සහ දීපාල් සිල්වා)
ඌරගස්මංහන්දිය ඇල්කාක දියකඩිත්ත ප්‍රදේශයේදී අද(12) දහවල් පොලීසිය හා වරෙන්තුකරුවකු අතර ඇතිවූ ගැටුමකදී පොලිස් වෙඩි පහරකාගෙනම වරෙන්තුකරු පළා ගොස් ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී පලා ගොස් ඇත්තේ හඹුරුගල තුඩුවෙ පදිංචි මත් කුඩු චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයෙක් බව ද පොලීසිය කියයි.
ඌරගස්මංහන්දිය පොලීසියේ නිලධාරීන් දෙදෙනකු යතුරු පැදියකින් ජංගම මුර සචාරයේයෙදී සිටියදී හඹුරුගල ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයේදී පොලීසියට අවශයව සිටි වරෙන්තුකරුවකු දැක ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට සැරසුණු අවස්ථාවේදී සැකකරු එක් නිලධාරියකු සමග පොර බදා ඔහු සතු ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා දැරූ අවස්ථාවේදී අනෙක් නිලධාරියා ඔහුට දනෙන් පහලට වෙඩි තබා මෙල්ල කර ගැනීමට උත්සහා දරා ඇති බව ද පොලීසිය කියයි.
පොලිස් නිලධාරියා තැබූ වෙඩි පහර වරෙන්තුකරුගේ එක් පාදයකට වැදී ඇති බවත් වෙඩි කාගෙනම ඔහු පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදයකට වෙඩි වැදුණු වරෙන්තුකරු එම ස්ථානයෙන් පලාගොස් ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුලත් විමට ගිය අවස්ථාවේ බද්දේගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුළත් කර ඇත. මේ තුවාල කාරයා පස්සෙන් දුවලා මෙයාව අල්ලාගන්න තරම් හයියක් පොලිසියට තිබුණේ නැද්ද? මාර වැඩක්නේ...