IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලීසියේ යකා නැටු විධායක නිලධාරියා අත්අඩංගුවට

(එම්.සුසිල් පියන්ත)

රිය අනතුරක් සිදු කොට පලායාමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා රැගෙනවිත් සිටියදී පොලිස් ස්ථානයේ ජල නළයක් කඩා සිර මැදිරි පිහිටා ඇති ප්‍රදේශයම ජලයෙන් යටවීමට සලස්වා පොලීසිය තුළ යකා නැටූ ලංකාවේ ප්‍රසිද්ධ කල් බදු ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකරුගේ මුවින් මත් පැන් ගද වහනය වෙමින් තිබූ නිසා ඔහු බීමතින් සිටියේදැයි පරීක්ෂා කිරීමට සැරසුණු අවස්ථාවේදීත් ඔහු එය පතික්ෂේප කළ බවත් ඒ සදහා පරීක්ෂාවට බලපිටිය රෝහලට ගෙන ගිය අවස්ථාවේදීත් සැකකරු වෛදයවරයාට එම පරීක්ෂාව සිදු කිරීමට ඉඩ නොතබමින් රෝහලේද යකා නැටූ බවද පොලීසිය කියයි.

 අම්බලන්ගොඩදී සැකකරු පදවාගෙන ගිය ජීප් රථය මහ මග ගමන් ගත් මෝටර් රථයක ගැටී ඇති බවත් මේ රිය අනතුරින් පසු සැකකරු තමා පදවාගෙන ගිය ජීප් රථය නොනවත්වාම සිය නිවස දක්වාම පදවාගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.

 

 



අදහස් (1)

පොලීසියේ යකා නැටු විධායක නිලධාරියා අත්අඩංගුවට

Bamunuarachchi Wednesday, 13 December 2023 11:34 AM

මුගේ විධායක නිලධාරී කම අදාළ ආයතනයට පමණයි පොලිසියට , ඉස්පිරිතාලෙට අදාළ නැහැ කියලා මුට දෙකක් ඇනල පොලිසියට කියලා දෙන්න බැරි උනාද?

:       1       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site