IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිසිය මඟහරිමින් සිටි කතක සමග හෝටලයක සිටි එස්.එස්.පී කවුද

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක බව කියන කාන්තාවක සමග සෙවනගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක මිතුරන් තිදෙනකු සමඟ නවාතැන් ගෙන සිටියේ යැයි කියන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ නියෝගයක් අනුව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිස් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

එම සහකාර පොලිස් අධිකාරීවරයා මොණරාගල පොලිස් කොට්ඨාසයේ රාජකාරි කරන නිලධාරියෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හටගෙන තිබූ බවට පැවසෙන ආරවුලක් මත පසුගිය මැයි මස හත් වැනිදා හම්බන්තොට ප්‍රදේශයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක්  සැකපිට අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදී මෙම මනුෂ්‍ය ඝාතනයෙ ප්‍රධාන සැකකාරිය ලෙස කාන්තාවක් ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ මෙම කාන්තාව අතර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන තිබූ බවට ද බවට ද පොලිසියට තොරතුරු හෙළිකර ගැනීමට හැකිවී ඇත.

මෙම සැකකාරිය සෙවනගල ප්‍රදේශයේ හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් අනුව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම හෝටලය වැටලූ අවස්ථාවේ අවශ්‍ය සිටි එම සැකකාර කාන්තාව සමග සහකාර පොලිස් අධිකාරිවරයකු සහ ඔහුගේ මිතුරන් බව කියන පුද්ගලයන් තිදෙනකු ද එම හෝටල් කාමරේ සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.

මනුස්ස ඝාතනයට සොයමින්  සිටි කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන සහකාර පොලිස් අධිකාරිවරයා ගේ මිතුරන් යැයි පැවසූ පුද්ගලයන් තිදෙනාත් ඔවුන් පැමිණියේ යැයි  කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප්රථය සමඟ පොලිස් භාරයට ගනු ලැබූහ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලින් පසු සහකාර පොලිස් අධිකාරීවරයාගේ මිතුරන් යැයි පැවසූ පුද්ගලයන් තිදෙනා සහ පොලිස් භාරයට ගත් ජීප් රථය ද මුදාහැර ඇත.

වැටලීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායම මෙම තොරතුරු සියල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු මේ බව පොලිස්පතිවරයාට ලිඛිතවම දැනුම් දී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලිසියට දැනුම් දැනුම්දී ඇත්තේ ඉන් අනතුරුවය.

 



අදහස් (2)

පොලිසිය මඟහරිමින් සිටි කතක සමග හෝටලයක සිටි එස්.එස්.පී කවුද

කිරිපුතා Wednesday, 21 June 2023 09:30 AM

කට්ටිය එකගෙයි කාලා

:       0       8

pakeer Wednesday, 21 June 2023 02:01 PM

මේ ‌පොලිස් ලොක්ක , මේ ගෑනිව අත්අඩංගුවට ගන්න ගියා වෙන්න බැරිද කාගෙන් හරි ඔත්තුවක් ලැබිල?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site