(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීට තුන් වසරකට ඉහතදී  කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් කෝටි 10  කට අධික වටිනා රත්තරන් කිලෝ ගෑම් 02 කට අධික ප්‍රමාණයක් කොල්ලකෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ වන විට පොලිස් ස්ථාන පහක සේවයකරන නිලධාරීන් පස් දෙනෙකි.

එම නිලධාරීන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී 2023 වර්ෂයේ මාර්තු මස 18 වෙනිදින  පොලිස් නිල ඇඳුමින් සැරසී කෝටිපති ව්‍යාපාරිකාව පැහැරගෙන ගොස් මරණ බවට තර්ජනය කර ඔහු සතුව තිබූ රත්තරන් කිලෝ ග්‍රෑම් 02 කට අධික ප්‍රමාණයක් කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කටයුතුවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත  එම සැකකාර නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය මගින් අත්අඩංගුවට  ගෙන ඇත.

උප පොලිස් පරීක්ෂකවරයා වෙල්ලාවලි පොලිසියේ පොලිස් සැරයන්වරය කොබෙයි ගනේ  පොලිසියේ සහ සෙසු පොලිස් කොස්තාපල්වරුන් සෙවනගල , තෙලිකඩ හා බදුල්ල පොලිස් ස්ථානවල මේ වන විට සේවය කරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.