
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස ප්‍රදේශයේ විවිධ අපරාධ සිද්ධීන් හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් උදරයට ඇණ ගැනීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ගල්කිස්ස, බටපඳුරුවත්ත, ටෙම්පලර්ස් පාර, කලාපුර වැනි ප්‍රදේශයන්හී දීර්ඝ කාලයක් තිස්සේ දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී විවිධ අපරාධ සිද්ධීන් වාර්තා වු බැවින් ලද තොරතුරක් මත සැකකාර පුද්ගලයා සැඟව සිටින ස්ථානයට ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදුවූ බව පොලීසිය පවසයි.
ගඩොල් ගල් භාවිතා කරමින් එම ගල්ගොඩ මැදට වන්නට සකස් කර තිබූ බංකරයක් වැනි ස්ථානයක සැඟවී සිටි සැකකරු පොලිස් නිලධාරින් දැකීමත් සමගම එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් ඔහු ලුහුබඳිමින් අත්අඩංගුවට ගැනීම සඳහා දිව යන අතරතුර සැකකරු මාර්ගය අසබඩ පිහිටි අපජලය ගලා යන ඇළකට පැන ඔහුගේ ඉණෙහි රඳවාගෙන තිබූ තියුණු උල් පිහියක් ගෙන උදරය ප්‍රදේශයට ඇණ ගනිමින් තුවාල සිදුකරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලීසිය පන්නද්දී සැකකරු උදරයට ඇනගනී