(චන්ද්‍රසිරි ගුණසේකර)
පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පිටිගල තලගස්පේ ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුටද පොලිස් වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙම සැකකරු මීට පෙර මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අයකු බවද කියති.
ඔහුට විරුද්ධව තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පිටිගල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට කැත්තකින් පහරදී තුවාල සිදුකර ඇති අතර සිද්ධිය සැලවිමත් සමග විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යද්දී සැකකරු පළායාමට උත්සාහ දරා ඇති අතර එම වෙඩිපහරට ලක්වූ සැකකරුද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට පිටත්කර යැවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලෝක අපරාධයක් කරලා.. ඔලුවටම තිබ්බනම් ප්‍රශ්නය ඉවරයි. නඩුත් නැහැ. බඩුත් නැහැ.