
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
පැමිණි කොල්ලකරුවන් මුදල් රුපියල් 180,000 ක් සහිත මුදල් පසුම්බියක්, රුපියල් 85000 ක් වටිනා ජංගම දුරකථන දෙකක් ද කොල්ලකා රැගෙන ගොස් ඇත.
කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරන පැමිණිලිකරු ඔහුගේ නිවස තුළ සිටියදී නිවස ඉදිරිපිට ගේට්ටුවට කිසියම් පුද්ගලයකු තට්ටු කරනු ඇසී ගොස් බැලීමෙන් පසු මෙම සිද්ධියට මුහුණපා තිබේ.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1010
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලීසිය කියා පැමිණ සජබ අපේක්ෂක නිවස කොල්ල කාලා
ජිල්බු Monday, 07 April 2025 11:17 AM
කොන්ත්‍රාත්කරුවෙක් ඡන්දෙට. හ්ම්... පාරවල්, බෝක්කු මාසෙන් මාසෙට අලුත්වැඩියා කරල අපූරුවට තියාගනී.
kamal Koyrala Monday, 07 April 2025 11:38 AM
අහා ඔය එන්නේ ප්‍රාදේශීය සභාවට කොන්ත්‍රාත්කරුවෝ...!
ගුණරත්න Monday, 07 April 2025 04:32 PM
මාලිමාවුනුත් එහෙමයි, ඉස්සර භීෂණ කාලේ අපේ ලොකු අප්පච්චි මරන්න ආවේ එහෙම
බටලන්දේ ප්‍රේමවතී Monday, 07 April 2025 05:02 PM
ගුණරත්න ඉපදෙන්න කලින් ඒවා වුණා නම් අප්පච්චිට අද ලෝකය වඩා හොඳ තැනක්....
ජිල්බු Monday, 07 April 2025 05:05 PM
ඒ කාලේ කසිප්පු පෙරපු අයට, ස්ත්‍රී දූෂකයින්ට ඔහොම වුණා වගේ පොඩි මතකයක් තියෙනවා, මිස්ටර් ගුණරත්න.
සෙනෙවිරත්න Monday, 07 April 2025 06:24 PM
ගුණරත්න, මුත්තගෙ අයිඩෙන්ටිය තවම හොයනවාද? පහුගිය ඡන්ද දෙකේදීම ඕක ගැන වැලපුණා සමහරු...
මිලානෝ වැසිවගයා Tuesday, 08 April 2025 01:26 AM
ඡන්දෙ ලග නිසා මාලිමා කාලකන්නින්ගේ ෆේක් ප්‍රොෆයිල් ටික ආයේ ඇක්ටිව් කරලා තියෙන පාටයි. රටේ ආරක්ෂාව බලු වෙලා පොලිසිය කියලා ඇවිත් කොල්ල කෑවාය කියන නාරණය පැත්තක තියෙද්දි කොල්ල කෑමට ලක් වුනු කෙනාගේ රැකියාව හොයනවා.