IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස්පතිට විරුද්ධව පොහොට්ටුවෙන් ජනපතිට පැමිණිල්ලක්

 

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මස 9 වෙනිදා මැති ඇමැතිවරුන්ගේ  නිවාස ඇතුළු වටිනා දේපළ  විනාශ කරනු ලැබීමේ සිද්ධියේදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකළේ යැයි  චෝදනා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට එරෙහිව  විධිමත් පරීක්ෂණයක් වහාම ආරම්භ කිරීමට උපදෙස් දෙන්නැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්  රැසක්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තුන්වෙනි වතාවටත් පසුගිය සතියේදී ඉල්ලීමක් කර ඇත.

මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදීද  මේ සම්බන්ධයෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රමාදවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද  දැනගන්නට ඇත.

ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන්ගේ නිවාස වලට පහර දීම  ආරම්භ වූ අවස්ථාවේ දී පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් ඒ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පැහැදිලිවම හැකියාව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත. මේ අනුව පොලිස් ප්‍රධානීන් එදින නියෝග දීමේදී බරපතළ ප්‍රමාදයක් සිදු වූ බව එම මන්ත්‍රීවරුන්ගේ  අදහසවී ඇත.

ප්‍රචණ්ඩකාරීන්  විසින් කරන ලද පහරදීම්  හේතුවෙන් මැති ඇමැතිවරුන්  අසූවකට  ආසන්න පිරිසකගේ නිවාස ඇතුලු දේපළ  විනාශයට පත්විය.



අදහස් (3)

පොලිස්පතිට විරුද්ධව පොහොට්ටුවෙන් ජනපතිට පැමිණිල්ලක්

ganegoda Saturday, 08 October 2022 01:36 PM

රටක් විනාශ කරපු රාජපක්ෂලා පොහොට්ටුවෝ, ගෙයක් විනාශ කළැයි කියලා නඩුදානවලු...! අරුම පුදුම රාජපක්ෂලා...!

:       2       32

ravin Saturday, 08 October 2022 04:42 PM

සහතික ඇත්ත. ඔවැනි විනාශයක් කිරීමට මුල්වුණු අයගේ ඔලුකටු කුඩුවෙන්න මුලදීම තියලා ඉවර කළානම් අද රට ගොඩ... තව තව හොරකම් කරන්නේ නැහැ.

:       2       18

fairoos Sunday, 09 October 2022 12:51 PM

රටම හොරාකාපු සල්ලි වලින් හදපු ගෙවල් හරිනම් රාජසන්තක කරන්න ඕන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site