
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය, ගිරිඋල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට පහරදී එක් සැරයන්වරයකු ට පිහියෙන් ඇන්නේ යැයි කියන ප්‍රධාන සැකකරු ජීව අත්බෝම්බයක් ද සමග ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති
මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා ගිරිඋල්ල සමන්ගල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු සැකකටයුතු ත්‍රීරෝද රථයකට නතර කරන ලෙස සංඥා කළ අවස්ථාවේ එය නොතකා ධාවනය කරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථය පසුපස යතුරු පැදියෙන් හඹාගොස්ත්‍රිරෝද රථය නතර කරගෙන ඇත.
ත්‍රිරෝද රථය පදවා ගෙන යමින් සිටි පුද්ගලයා බීමතින් සිටි බව පෙනී ගිය නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේඑම රථයේ පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයින් තිදෙනා ඊට විරෝධය පළ කර එයින් එක් අයෙකු ජංගම දුරකතනයකින් කතාකර පුද්ගලයින් කිහිප දෙනෙකු එම ස්ථානයට ගෙන්වාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ(17)) පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීව අත්බෝම්බ හා මත්කුඩු පොලිසිය සපයන ඒවා...!
කෝලම් කුට්ටමේ ඉද්දමල්ගොඩ මතක් වුණා... ඒ ගමන්ම කියන්න ඕනෑ සැකකරුවන්ට ඔයතරම් කුඩු හා ජීව අත්බෝම්බ ලැබෙන්නේ කොහෙන්ද කියලා.. සොයන්නත් කියලා... එහෙම නැත්නම් රටට මොනවා වෙයිද කියලා තේරුම් ගන්න බැහැ...