(සනත් ගමගේ)
තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙක් අද (17) වෙඩි වැදීමකින් එම කාර්යාලයේදීම මියගොස් ඇති බව පොලීසිය කියයි.
මාතර හම්බන්තොට දෙදිසාව භාර නියොජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයෙක් මෙලෙස මියගොස් ඇති අතර මෙය දිවිනසා ගැනීමක් ද නැතිනම් වෙඩිතැබීමක්ද යන්න පිළිබදව පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
තංගල්ල මූලස්ථාන පොලීසියට අනියුක්තව සේවය කරන සැරයන්වරයා එම ප්‍රදේශයේම පදිංචි අයෙක් බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්දයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd