(රේඛා තරංගනී ෆොන්සේකා)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවැසියන්ට මත්ද්‍රව්‍ය චෝදනාවක් එල්ලකරමින් එම නිවසකට ඇතුළු වී එම ජංගම දුරකථන සහ මුදල් කොල්ල කෑ බව කියන සැකකරුවන් හතරදෙනෙකුගෙන් තිදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව මොරටුව පොලීසිය පැවසී ය.
ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් පිළිබඳ ලැබුණු හෝඩුවාවන් ඔස්සේ යමින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙහි ප්රුධාන සැකකරු මියගිය උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ දුම්රිය හැඳුනුම්පතක් භාවිතා කරමින් මෙම මංකොල්ලයේදී උසස් නිලධාරියකු ලෙස පෙනී සිට ඇති බව මූලික වී විමර්ශනයේදී හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.
අදාළ සැකකරුවන් පොලිස් ලොක්කන් ලෙස පෙනී සිටිමින් නිවැසියන් සිදුකළකරන මත්ද්රඳව්ය් ජාවාරම්ක් සම්බන්ධයෙන්හෝඩුවාවන් ලැබී ඇති බව පවසමින් නිවස සෝදිසියට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී ජංගම දුරකථන සහ මුදල් කොල්ලකා ඇති බව නිවැසියන්ගෙන් ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව තිබූ බව පොලිසිය පැවසීය.
කොල්ලකරුවන් මුදල් සහ ජංගම දුරකථන ඉතා සූක්ෂම ආකාරයෙන් ඔවුන් සන්තකයට ගෙන රැගෙන යන අවස්ථාවේදී මත්ද්රදව්යස සෙවීම්ට පොලිස් බලන රැගෙන එන බව සඳහන් කරමින් පිටව ගොස් ඇති බව පොලිසිය පැවසීය.
පැමිණිලිකාර පාර්ශ්වය ලොරි රථයක් ආධාරයෙන් වෙළඳ ව්යාණපාරයක නියැලෙන පුද්ගලයන් බව සඳහන් කරන පොලිසිය අදාළ සැකකරුවන් ත්රීගරෝද රථයකින් ලොරි රථය ලුහුබැඳ නිවසට පැමිණ ඇති බව පැවසී ය.
කොල්ල කෑමට ලක් වූ නිවස මොරටුව උස්වත්ත ප්රිදේශයේ නිවසක් බව සඳහන් කරන පොලිසිය මෙම සැකකරුවන් ද එම ප්රාදේශයේම පදිංචිකරුවන් බව පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රිශ්න කිරීමේදී කාලයක සිට පැවති කෝන්තරයක් හේතුවෙන් ඔප්පුවක් සෙවීමේ අරමුණෙන් එම නිවසට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ඇතුළු බව පාපොච්චාරණය කළ බව පොලිසිය පැවසීය.
සැකකරුවන් නිවසට පැමිණි අවස්ථාවේ පැවති සීසීටීවී දර්ශන අපැහැදිලි තත්වයෙන් තිබු බව සඳහන් කරන පොලිසිය බුද්ධි අංශ සහ පැමිණිලිකරුවන් ගෙන් ලැබුන හෝඩුවාවන් ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පැවසුවේය.
මෙහි මහ මොළ මොළකරු ධීවර කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයකු බව සඳහන් කරන පොලිසිය ඔහු පොලිස් ලොක්කා ලෙස වෙස්ගෙන සිට ඇති බව පොලිසිය පැවසී ය.
සැක්කරුවන් විසින් රැගෙන පලා ගිය ජංගම දුරකථන සහ මුදල් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතිි අතර ඔවුන්ගේ වයස අවුරුදු 42,32,34 යන වයස් කාණ්ඩවල පුද්ගලයන් බව පැවසීය.
සැක්කරුවන් කොල්ලයට පැමිණි ත්රී රෝද රථය සහ එහි හිමිකරු මේ වන විට ප්රුදේශ්යෙන් පලාගොස් ඇති අතර ඔහුව සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බවද පොලිසිය පැවැසීය.
මෙම සැකකරුවන් මොරටුව එගොඩ උයන,පානදුර ප්දේයශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසී ය
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටු මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
මෙම වැටලීම් ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්යෙරෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි මොරටුව උපුල් සමරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිස් ස්ථානාධිපති ප්රනධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්රැ න්සිස් මහතාගේ වූ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර,පොලිස් කොස් කොස්තාපල් 7220 දිලංක ,99626 බණ්ඩාර ,97398 මධුසංඛ 101590 මධුවන්ත,කාන්තා පොලිස් කොස්තාපල් 13167 නිසංසලා යන නිලධාරීහු සිදු කළහ
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් වෙසින් ඇවිත් ගෙට සුද්දයක් දීලා: තිදෙනෙක් අත්අඩංගුවට