
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ 39 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා වැසිකිළියක් තුල මත්කුඩු පානය කරමින් සිටින බවට මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතාට ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂාවේදි අයිස් වර්ගයේ මත්කුඩු සමගඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගනු ලැබු පොලිස් කොස්තාපල්වරයා අද (09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය වහලා දාන්න, බාරදෙන්න ක්ලීනින් කම්පැණි එකකට. මුළු පොලිසියේම කුඩ්ඩෝ... , මොවුන් කොහොමද කුඩු නැති කරන්නේ..?
මෙහෙම ගියා නම් පොලිසියෙන් භාගයක්වත් ඉවත් කරන්න සිදුවෙයි .මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා