(ඉන්දිකා රාමනායක)

පොලිස් ක්‍රීඩා නිල ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සිවිදෙනෙක්  නිට්ටඹුව  මාඉඹුල  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ අත් විලංගු යුගලක්  තිබූ බව පොලීසිය සඳහන් කරයි.

නිට්ටඹුව  මාඉඹුල  ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ඊයේ (8) රාත්‍රියේ  සෝදිසි මෙහෙයුමක නිරතවෙමින් සිටියදී ක්‍රීඩා ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු පරික්ෂා කිරීමේදී ඔවුන්  ව්‍යාජ පොලිස් නිලධාරීන් බවට හෙළි වූ බව හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් කිසියම් අපරාධයක් සඳහා මෙලෙස පොලිස් නිල ඇදුමෙන් සැරසී ගමන් කර ඇති බවට පොලිසිය සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27-30 අතර පුද්ගලයන්  බවද පොලිසිය කියයි.

( සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය ) පුෂ්පකුමාර මල්ලවආරච්චි