(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටිය පොලීසියේ රථගාලේ නවතා තිබූ නඩු භාණ්ඩයක් වන ත්‍රිරෝද රථයක් පැහැරගෙන ගිය බව කියන හිටපු ගුවන් හමුදා සාමාජිකයකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි හතලිස් පස් හැවිරිදි බණකියනගේ කීර්ති කුමාර නැමැති හිටපු ගුවන් හමුදා සාමාජිකයෙකි.
පොලිස් රථගාලේ නවතා තිබූ මෙම ත්‍රීරෝද රථයේ හිමිකරු වන්නේ ද මෙම සැකකරු බවත්, සැකකරු ඉකුත් 08 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයකු සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණීමේදී සැකකාර ගුවන් හමුදා සාමාජිකයා ත්‍රිරෝද රථය හැරදමා පලාගොස් ඇති බවත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
පසුව හිමිකරුවකු නොමැති ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ත්‍රිරෝද රථය නඩු භාණ්ඩයක් වශයෙන් නම්කර පොලිස් රථගාලේ නවතා තිබියදී සැකකරු පැමිණ ඉකුත් 09 වැනිදා මෙම ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් ඇති බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් කළ විමසා බැලීමේදී සැකකරු එම ත්‍රීරෝද රථය වැලිවේරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට නතර කර තිබියදී අත්අඩංගුවට ගත් අතර, පොලීසිය භාරයේ තිබූ ත්‍රිරෝද රථයේ යතුර සැකකරු ලබා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම බණකියනගේ උනාට බණ පිළිපදින කෙනෙක් නම් නෙමෙයි වගේ
මොහු ලංකාවේ බොහෝ දෙනෙක් වගේ ‘‘බණ‘‘ අහන කෙනෙක් විතරයි... පිළිපදින්නේ නැහැ.