(නිමන්ති රණසිංහ)
මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් විශේෂ රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹට එමින් සිටියදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කළැයි බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය මහත්මිය අද 30 නියෝග කළාය.
රාජ්‍ය නායකයකු මෙරටට පැමිණීමේ දී පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගවලට තමන් අනුගත විය යුතු බවත්, මෙය ඕස්ට්‍රේලියාව නොව ලංකාව බැවින් මෙරට නීතියට අනිවාර්යෙන් අවනත විය යුතු බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුට දැඩි ලෙස අවවාද කරමින් ඇප ලබා දුන්නා ය.
මෙලෙස ඇප මත මුදා හැරියේ පෙරේරා ගාඩ්න්, පැලවත්ත පදිංචි විජයරත්න මුදියන්සේලාගේ නාවින් මාධව (31) නමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඕස්ට්‍රේලියාව නොව ලංකාව බැවින් මෙරට නීතියට අනිවාර්යෙන් අවනත විය යුතු බවත්" ඹස්ට්‍රේලියාවේ නීතිවලට ඒ රටේ අය අවනත වෙන්නේ නැද්ද?
පොලීසියේ රාජකාරියට බාධාවක් වුණේ නෑ. එහෙම වුණා නම් එතන ඉන්න පොලිස් නිළදාරීනුයි මොහුව අත් අඩංගුවට ගන්නේ. එහෙම දෙයක් වුණේ නෑ. ඔවුන් එතනදී ඉහළ නිළදාරීන්ගෙන් උපදෙස්වත් පැතුවේ නෑ. මොකද පැහැදිලිවම ඒක නීති විරෝධී දෙයක් හෝ පොලිස් රාජකාරියට බාධාවක් නොවන බව ඔවුන් තීරණය කල නිසා. උසාවියට ඉදිරිපත් කිරීමේදී නීතිය වෙනස් වුණේ කොහොමද? පොලීසිය කිවූ දේ අනුව මහේස්ත්‍රාත්තුමිය මෙහෙම කියන්න ඇති ඒත් ඇප දීමෙන් පෙනී යන්නේ පොලීසිය කිවුවා දේ ගැන එතුමිය වැඩි තැකීමක් කරලා නැති බවයි.
හරි ආඩම්බරයෙන් දක්කාගෙන ආපු සිංහයා දැන් කන්න පනිනවා වගෙයි නේද? එතකොට පාරේ යන වාහන සේරම නවත්වලා " අයුතු ජන රාශියක්" ඇතිකළේ පොලිසිය නෙවේද ?
වීඩියෝ දර්ශනය වලට අනුව මොහු නීති විරෝධී වැඩක් කර නැහැ. මොහු කියා සිටියේ වාහන නවතා තැබීමට අප්‍රසාදය පල කිරීම සඳහා නලාව නාද කරන ලෙස ඉල්වීමයි.
කොන්ද පණ ඇති මිනිහෙක් ලංකාවේ බාල්දු පොලිසියට මිනිසුන්ගේ ගැන හැඟීමක් නෑ
මා නම් හිතන්නේ විදේසයක ප්‍රභූ වරයකුට මේ දේ නොකල යුතුයි.මේ විදියේ වහන හැසිරවීම් ලෝකේ හැම රටකම ඔය ආකාරයට කෙරෙනවා.ඒ එවන් ප්‍රභූ වරයෙක් ගව්රවනීය ලෙස පිලිගැනීම සහ ඔහුගේ ආරක්ශාව සැලසීමට රටේ ආන්ඩුව බැදී සිටින නිසාත්.හැබැයි ස්වදේශීය දේසපාලුවන්ට ඔය දේ කලානම් ජනපති අගමැති කතා නායක හැර 100 ට200ක් එකගයි.
කොල්ලෙක් හැටියට රටට දෙන්න ඕනෑ පණිවිඩය දුන්නා. ඒක දැනෙන්න ඕනෑ තැනට දැනුණ නිසා තමයි ඇල්ලුවේ. සිංහලයින් ඉන්නවා කියලා සිංහ හම පොරවාගත් නරියන්ට තේරුණා..
අපේ මිනිස්සුන්ට මතක නැහැ.. ඒ කාලේ රාජපක්ෂලාත් නලා ශබ්ද කළා මහපාරේ... ඒ විතරක් නෙමෙයි... වාසු එක්ක ජිනීවා ගිය ලංකා ආණ්ඩුව මිනී මරනවා කියලා...
හරිනේන්නම්... ඔසී කියන්නේ නීතිය වල් වැදිච්ච, ලෝකෙටම ණය වෙච්චි රටක් නොවැ. එ් නිසා හෝන් ගැහුවාට කවුරුවත් ගණන් ගන්නේ නෑ...