IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස් යාළුවන්ගේ මුදල් සොරා ගත් පී.සී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෑලියගොඩ දිසා රථ වාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සතු ඒ. ටී. එම්. කාඩ්පත රහස්‍ය අංකය ද සමග සොරාගෙන රුපියල් 22,000 ක මුදලක් වංචාවෙන් ලබා ගැනීම සහ එම රථ වාහන අංශයේම රාජකාරි කරන තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ රුපියල් 3,800ක් වටිනා ජංගම දුරකථනය හොරා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ද පෑලියගොඩ දිසා රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බව පොලීසිය කියයි.

ඒ.ටී.එම් කාඩ් පතේ හිමිකාර පොලිස් කොස්තාපල්වරයා සහ ජංගම දුරකථනයේ අයිතිකාර පොලිස් කොස්තාපල්වරයා කරන ලද පැමිණිලි අනුව පරීක්ෂණ පවත්වා මෙම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අලූත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද 15 දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ බව පොලිසිය සඳහන් කරයි.

මෙම පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

පොලිස් යාළුවන්ගේ මුදල් සොරා ගත් පී.සී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site